-
එළිදරව් පොත කියවීමෙන් සන්තෝෂය අත් කරගන්න1999 මුරටැඹ | දෙසැම්බර් 1
-
-
16. එළිදරව්වේ අවසන් පරිච්ඡේද සන්තෝෂ වීම සඳහා විශේෂ හේතුවක් සපයන්නේ ඇයි?
16 එළිදරව් පොත කියවීමෙන් සතුටක් ලබන අය අපේ තේජවත් බලාපොරොත්තුව ගැන විස්තර කරන එහි අවසන් පරිච්ඡේද කියවද්දී උතුරා යන ප්‍රීතියක් අද්දැකිය හැකියි. අපේ තේජවත් බලාපොරොත්තුව වන්නේ, අලුත් අහස සහ අලුත් පොළොවයි; එනම් පවිත්‍ර කරන ලද මිනිස් සමාජයක් පාලනය කරන ධර්මිෂ්ඨ ස්වර්ගික ආණ්ඩුවක්. මේ සියල්ලම සිදු වන්නේ ‘සර්වපරාක්‍රම වූ යෙහෝවා දෙවිට’ ප්‍රශංසාව සඳහායි. (එළිදරව් 21:22) මවිතකර දර්ශන මාලාව නිම වෙද්දී, දේවදූතයා යොහන්ට මෙසේ පැවසුවා: ‘මේ වචන විශ්වාසය, සැබෑය. ටික කලකින් සිදු වන්ට ඕනෑ දේ තමන්ගේ මෙහෙකරුවන්ට පෙන්වන පිණිස අනාගතවක්තෘවරුන්ගේ [ආනුභාව ලත් ප්‍රකාශවල, NW] දෙවි වූ යෙහෝවා තමන් දූතයා එව්වේය. මෙන්න, ඉක්මනින් එමි. මේ පොතේ අනාගතවාක්‍යයේ වචන රක්ෂාකරන්නා [සන්තෝෂවත්, NW] කෙනෙකි.’ (එළිදරව් 22:6, 7)
-
-
එළිදරව් පොත කියවීමෙන් සන්තෝෂය අත් කරගන්න1999 මුරටැඹ | දෙසැම්බර් 1
-
-
18, 19. (අ) යේසුස් ඉදිරියේදී එන්න අවශ්‍ය වන්නේ ඇයි? යොහන් ප්‍රකාශ කළ කුමන බලාපොරොත්තුවටද අප පංගුකාරයන් වන්නේ? (ආ) යෙහෝවා ඉදිරියේදී ‘එන්නේ’ කුමකටද?
18 එළිදරව් පොතෙහි යේසුස් මෙම ප්‍රකාශය කිහිප වතාවක් නිවේදනය කරනවා: ‘මම ඉක්මනින් එමි.’ (එළිදරව් 2:16; 3:11; 22:7, 20) මහා බබිලෝනියට, සාතන්ගේ දේශපාලනික ක්‍රමයට හා දැන් මෙසියානු රාජ්‍යය මගින් ප්‍රකාශිත යෙහෝවාගේ පරමාධිපත්‍යයට යටත් වීම ප්‍රතික්ෂේප කරන්නාවූ සියලුම මනුෂ්‍යයන්ට එරෙහිව ඔහු විනිශ්චය ක්‍රියාත්මක කරන්න එන්න නියමිතයි. ප්‍රේරිත යොහන් මෙසේ හඬ නඟා ප්‍රකාශ කළ වදන්වලට අපේ හඬත් එක් කරමු: ‘ආමෙන්, ස්වාමි වූ යේසුස් එන්න.’—එළිදරව් 22:20ආ.
-