-
වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?බයිබලයෙන් උත්තර
-
-
වසංගත ඇති වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණාද?
කෝවිඩ්-19, ඒඩ්ස් සහ ස්පාඤ්ඤ උණ වගේ ලෙඩ රෝග නැත්නම් වසංගත ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම නම් වශයෙන් කියලා නැහැ. ඒත් “වසංගත” සහ “මාරාන්තික වසංගත” ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා. (ලූක් 21:11; එළිදරව් 6:8) ඒ වසංගත ඇති වෙන එක “අවසාන කාලය” එහෙමත් නැත්නම් “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනගන්න තියෙන ලකුණට ඇතුළත් එක දෙයක්.—2 තිමෝති 3:1; මතෙව් 24:3.
-
-
වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?බයිබලයෙන් උත්තර
-
-
එළිදරව් 6:8: “බලන්න! සුදුමැලි අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාගේ නම මරණයයි. මිනී වළද ඔහු පසුපසින්ම ගියේය. පොළොවෙන් හතරෙන් කොටසක් කෙරෙහි තම අණසක පැතිරවීමට ඔවුන්ට අවසර දෙන ලදි. එසේ කළේ . . . මාරාන්තික වසංගතයෙන් . . . මිනිසුන්ව මරා දැමීමටය.”
තේරුම: අසරුවන් හතරදෙනා ගැන එළිදරව් පොතේ සඳහන් වෙන අනාවැකියෙන් පැහැදිලි වෙනවා අපේ කාලෙදි වසංගත ඇති වෙනවා කියලා.
-