-
පරිශුද්ධ සේවය පිරිනමන මහත් සමූහයක්1995 මුරටැඹ | පෙබරවාරි 1
-
-
පරිශුද්ධ සේවය පිරිනමන මහත් සමූහයක්
“ඔව්හු . . . උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවයකරති [පරිශුද්ධ සේවය පිරිනමති NW].”—එළිදරව් 7:15.
1. වර්ෂ 1935දී ළඟා වූයේ ආත්මික අවබෝධයේ කිනම් සැතපුම් කණුව වෙතටද?
වර්ෂ 1935, මැයි 31වන දින, වොෂිංටන් ඩී.සී.හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක නියෝජිතයන් අතර මහත් ප්‍රීතියක් ඇති විය. එහිදී, බයිබලයේ ඉතිරි කොටස්වලට එකඟව හා ඒ වන විට ක්‍රමයෙන් එළිදරව් වෙමින් තිබූ සිද්ධීන්ට ගැළපෙන සේ, පළමු වතාවට, එළිදරව් 7:9හි මහත් ජන සමූහය (නොහොත්, මහත් සමූහය) පැහැදිලිව හඳුනාගනු ලැබීය.
2. දෙවියන්වහන්සේ ස්වර්ගීය ජීවිතයට තමන්ව කැඳවා නොමැති බව ක්‍රමානුකූලව වැඩි වන්නාවූ සංඛ්‍යාවක් අවබෝධ කරගත් බව කුමකින් හඟවනු ලැබීද?
2 ඊට සති හයකට පමණ පෙර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්හි පවත්වන ලද ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජන උත්සවයේදී, පැමිණ සිටි අයගෙන් 10,681දෙනෙක් (එනම්, 6න් 1ක අනුපාතයක් පමණ) සංකේතවත් රොටි හා වයින්වල පංගුකාරයන් නොවූ අතර, මොවුන්ගෙන් 3,688දෙනෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ක්‍රියාශීලී ප්‍රකාශකයෝ වූහ. ඔවුන් එම සංකේතවලට පංගුකාරයන් වීමෙන් වැළකී සිටියේ මන්ද? ඊට හේතුව ඔවුන් බයිබලයෙන් ඉගෙනගෙන තිබූ දෙය මත පදනම්ව, දෙවියන්වහන්සේ තමන්ව ස්වර්ගීය ජීවිතයට නොකැඳවූ නමුදු, තමන්ට වෙනත් ආකාරයකින් යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය සැපයුම්වලට හවුල් විය හැකි බව අවබෝධ කරගත් නිසාය. එබැවින් එම සමුළුවේදී, කථිකයා “පොළොව මත සදාකාලිකව ජීවත්වීමේ බලාපොරොත්තුව ඇති සියල්ලන් කරුණාකර නැගිටින්න” යයි පැවසූ විට, සිදුවූයේ කුමක්ද? දහස් සංඛ්‍යාවක් නැගී සිටි අතර, ඒත් සමඟම සබයෙන් දිගු ඔල්වර හඬ නිකුත් විය.
3. මහත් සේනාව හඳුන්වා දීම ක්ෂේත්‍ර සේවයට නව පණක් ලබා දුන්නේ මන්ද, එමෙන්ම සාක්ෂිකරුවන්ට මේ පිළිබඳව හැඟුණේ කෙසේද?
3 එම සමුළුවේදී එහි නියෝජිතයන් ඉගෙනගත් දෙය ඔවුන්ගේ දේව සේවයට නව පණක් ලබා දුණි. පැරණි පිළිවෙළේ අවසානයට පෙර, දැන් ස්වල්ප දහසකට නොව මහත් ජන සමූහයකට, පාරාදීස පොළොවක් මත සදාකාලයට ජීවත්වීමේ බලාපොරොත්තුවෙන්, ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා වූ යෙහෝවඃවහන්සේගේ විධි විධානය තුළට ඇතුල්වීමට ප්‍රස්තාව දෙනු ලබන බව ඔවුහු අගය කරන්ට පටන්ගත්හ. සත්‍යයට ප්‍රේම කරන්නන් වෙත එහිදී ඉදිරිපත් කරනු ලැබුවේ කොතරම් හද උණුසුම් කරවන පුවතක්ද! කළ යුතු ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක්—ප්‍රීතිමත් වැඩක්—තිබූ බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තේරුම්ගත්හ. වසර ගණනාවකට පසු, පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් බවට පත්වූ, ජොන් බූත්, සිහිපත් කළේ, “එම එක්රැස්වීම ප්‍රීතිවීම සඳහා අපට බොහෝ දෑ ඉදිරිපත් කළා” යනුවෙනි.
4. (අ) වර්ෂ 1935 පටන් මහත් සමූහයේ එක්රැස් කිරීමක් සැබවින්ම සිදුවී තිබෙන්නේ කොතරම් ප්රමාණයකටද? (ආ) තමන්ට තිබෙන්නේ ජීවමාන ඇදහිල්ලක් බව මහත් සමූහයට අයත් වූවන් සාක්ෂි දරන්නේ කොයි ආකාරයෙන්ද?
4 ඉන්පසු අවුරුදුවලදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව චමත්කාරජනක ලෙස වැඩි විය. දෙවන ලෝක යුද්ධය තුළ ඔවුන් කෙරෙහි පනවන ලද සහසික පීඩාවන් තිබියදීත්, ඔවුන්ගේ ගණන දශකයක් ඇතුළත තෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩි විය. තවද 1935දී ප්‍රසිද්ධ සාක්ෂි දැරීමක නියැලී සිටි ප්‍රචාරකයන් 56,153දෙනා, 1994 වන විට රටවල් 230කට වැඩි සංඛ්‍යාවක සිටින රාජ්‍යය ප්‍රචාරකයන් 49,00,000කට වැඩි සංඛ්‍යාවක් බවට වර්ධනය විය. මින් බහුතරයක් දැඩි ආශාවෙන් යුක්තව බලා සිටින්නේ, පාරාදීස පොළොවක් මත පරිපූර්ණ ජීවිතයක් ලබා දීමෙන් යෙහෝවඃවහන්සේ අනුග්‍රහය දක්වන අය අතර සිටින්ටය. කුඩා රැළ සමඟ සැසඳීමේදී, ඔවුහු සැබවින්ම මහත් සමූහයක් බවට පත්ව ඇත්තාහ. ඔවුන්, තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුදු එය විදහා නොපෙන්වන සෙනඟක් නොවේය. (යාකොබ් 1:22; 2:14-17) ඔවුහු සියල්ලෝම දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදාගනිති. ඔබත් එම සන්තෝෂවත් සමූහයාගෙන් කෙනෙක්ද? ක්‍රියාශීලී සාක්ෂිකරුවෙකු වීම වැදගත් හඳුනාගැනීමේ සලකුණක් වන මුත්, ඊට වැඩියමක් අයත් වේ.
‘සිංහාසනය ඉදිරියෙහි සිටීම’
5. මහත් සමූහය ‘සිංහාසනය ඉදිරියේ සිටීමේ’ කාරණයෙන් කුමක් අඟවනු ලැබේද?
5 ප්‍රේරිත යොහන්ට දෙන ලද දර්ශනයෙහි, ඔහු ඔවුන් “සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා” දුටුවේය. (එළිදරව් 7:9) මෙම අවට පාඨ සම්බන්ධයෙහි විස්තර කර ඇති ආකාරයට, දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි ඔවුන්ගේ සිටීම අඟවන්නේ, ඔවුන් යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය පූර්ණ ආකාරයකට පිළිගන්නා බවය. මෙයට බොහෝ දෑ අඩංගු වේ. උදාහරණයක් වශයෙන්: (1) ස්වකීය සේවකයන් සඳහා කුමක් හොඳද, කුමක් නරකද යන්න තීරණය කිරීමට තිබෙන යෙහෝවඃවහන්සේගේ අයිතිය ඔවුහු පිළිගනිති. (උත්පත්ති 2:16, 17; යෙසායා 5:20, 21) (2) ස්වකීය වචනය තුළින් උන්වහන්සේ ඔවුන්ට කථා කරත්ම, ඔවුහු යෙහෝවඃවහන්සේට සවන් දෙති. (ද්විතීය කථාව 6:1-3; 2 පේතෘස් 1:18ආ-21) (3) අවේක්ෂණය කිරීම සඳහා යෙහෝවඃවහන්සේ පත්කර ඇති අයට යටත් වීමේ වැදගත්කම ඔවුහු අගය කරති. (1 කොරින්ති 11:3; එපීස 5:22, 23; 6:1-3; හෙබ්‍රෙව් 13:17) (4) අසම්පූර්ණව සිටියද, ඔවුහු අමනාපයෙන් නොව, එහෙත් එකහෙළා, හෘදයෙන්, දිව්‍යාණ්ඩු මඟ පෙන්වීමට අනුකූල වීමට අවංක වෑයමක් දරති. (හිතෝපදේශ 3:1; යාකොබ් 3:17, 18) ඔවුන් සිංහාසනය ඉදිරියේ සිටින්නේ, තමන් හෘදයාංගම ලෙස ගෞරව කරන්නාවූ හා ගැඹුරු ලෙස ප්‍රේම කරන්නාවූ යෙහෝවඃවහන්සේට පරිශුද්ධ සේවය පිරිනැමීමටය. මෙම මහත් සමූහය සම්බන්ධයෙන් ගත් කල, සිංහාසනය ඉදිරියේ ඔවුන් “සිටීම” අඟවන්නේ, සිංහාසනාරූඪව සිටින එම තැනැන්වහන්සේගේ අනුමැතියයි. (එළිදරව් 6:16, 17 සසඳන්න.) එම අනුමැතිය පදනම් වී ඇත්තේ කුමක් මතද?
“සුදු සළු පැළඳ”
6. (අ) මහත් සමූහය “සුදු සළු පැළඳ” සිටීමෙන් කුමක් අදහස් කෙරේද? (ආ) මහත් සමූහය යෙහෝවඃවහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ තත්ත්වයක් අත්කරගන්නේ කෙසේද? (ඇ) ක්‍රිස්තුස්වහන්සේගේ වගුරුවන ලද රුධිරය මහත් සමූහයාගේ ජීවිත කෙරෙහි බලපෑම් ඇති කරන්නේ කොතරම් දුරකටද?
6 තමා දුටු දෙය පිළිබඳ යොහන්ගේ විස්තරය, මහත් සමූහයේ සාමාජිකයන් “සුදු සළු පැළඳ” සිටින බව පවසයි. එම සුදු සළු, සංකේතවත් කරන්නේ යෙහෝවඃවහන්සේ ඉදිරියේ ඔවුන්ගේ පිරිසිදු, ධර්මිෂ්ඨ තත්ත්වයය. ඔවුන් එවන් තත්ත්වයක් අත්කරගත්තේ කෙසේද? යොහන්ගේ දර්ශනයෙහි ඔවුන් “බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටි” බව අප මේ වන විටත් නිරීක්ෂණය කර ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළුපැටියාණෝ” හැටියට ඔවුහු පිළිගනිති. (යොහන් 1:29) දෙවියන්වහන්සේගේ සිංහාසනය අසල සිටි වැඩිමහල්ලන්ගෙන් කෙනෙකු, එම දර්ශනයෙහි, මෙසේ පැහැදිලි කරන අයුරු යොහන් ඇසුවේය: “ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය. එබැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති.” (එළිදරව් 7:14, 15) සංකේතාත්මක ආකාරයකට, ඔවුන් සිය සළු සෝදාගෙන ඇත්තේ, මිදීමක් ගෙනදෙන ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය කෙරෙහි ඇදහිල්ල තැබීමෙනි. මිදීමේ මිලය පිළිබඳ බයිබලයේ ඉගැන්වීම ඔවුන් නිකම් මනසින් පමණක් පිළිගන්නවා නොවේය. ඒ සඳහා වූ අගය ඔවුන්ගේ අභ්‍යන්තර පෞද්ගලිකත්වය කෙරෙහි බලපායි; මෙසේ, ඔවුන් ඇදහිල්ල ක්‍රියාවට නගන්නේ ‘හෘදයෙනි.’ (රෝම 10:9, 10) ඔවුන් තම ජීවිතවලින් කරන දෙය කෙරෙහි මෙය මහත් බලපෑම් ඇති කරවයි. ඇදහිල්ලෙන් යුතුව, ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ පදනම මත ඔවුහු යෙහෝවඃවහන්සේට කැපවෙති, ජලයේ ගිල්වීමෙන් ඔවුහු එම කැපවීම සංකේතවත් කරති, තමන්ගේ කැපවීමට එකඟව සැබවින්ම ජීවත්වී, එමගින් දෙවියන්වහන්සේ සමඟ අනුමැතිය ලත් සබඳතාවක් භුක්ති විඳීමට පැමිණෙති. කොතරම් කදිම මෙන්ම සැලකිල්ලෙන් ආරක්ෂා කරගත යුතු වරප්‍රසාදයක්ද!—2 කොරින්ති 5:14, 15.
7, 8. තමන්ගේ සළු දූෂ්‍ය නොකර තබාගැනීමට යෙහෝවඃවහන්සේගේ සංවිධානය මහත් සමූහයට උපකාර කර ඇත්තේ කෙලෙසද?
7 යමෙකු එළිපිට කුමක් ප්‍රකාශ කළත්, ඔහු එළිදරව් 7:9, 10හි සඳහන් අනාවැකිමය විස්තරයට නොගැළපී යා හැකි පරිද්දෙන්, සිය අනන්‍යතාවේ සළු කැලැල් කළ හැකි හෝ අපවිත්‍ර කළ හැකි ආකල්ප හා හැසිරීම පිළිබඳව යෙහෝවඃවහන්සේගේ සංවිධානය විසින් යළි යළිත් අවධාරණය කොට ඇති අතර, එසේ කර ඇත්තේ ඔවුන්ගේ කල්පවතින සුභසාධනය කෙරෙහි ඇති ප්‍රේමනීය සැලකිල්ල නිසාවෙනි. (1 පේතෘස් 1:15, 16) කලින් ප්‍රකාශයට පත් කරන ලද දෙය අවධාරණය කරමින්, අන්‍යයන්ට දේශනා කර ඉන් අනතුරුව, එසේ නොකරන අවස්ථාවන්හි කාමමිථ්‍යාචාරය හෝ වේශ්‍යාකම වැනි හැසිරීම්වල නියැලීම සහමුලින්ම නුසුදුසු බව, මුරටැඹ සඟරාව, 1941දී හා ඉන්පසුව පුන පුනා පෙන්වීය. (1 තෙසලෝනික 4:3; හෙබ්‍රෙව් 13:4) වර්ෂ 1947දී යෙහෝවඃවහන්සේගේ ක්‍රිස්තියානි විවාහ ප්‍රමිති සියලු දේශයන්හි අදාළ වන බව අවධාරණය කරන ලදි; ප්‍රාදේශීය චාරිත්‍ර කුමක් අනුමත කළත්, බහුභාර්යා සේවනයෙහි නියැලී සිටින්නන්ට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විය නොහැකිය.—මතෙව් 19:4-6; තීතස් 1:5, 6.
8 තමන් කොතැනක—එනම්, රාජ්‍යය ශාලාවේ හෝ ක්ෂේත්‍ර සේවයේ පමණක් නොව, ලෞකික රැකියාවේ නැතහොත් පොදුජන දෘෂ්ටියෙන් ඈත් වූ යම් හුදකලා ස්ථානයක සිටියත්—දුම්කොළ අනිසි ලෙස පාවිච්චි කිරීම වැනි නිසැකවම දූෂ්‍ය කරවන පුරුදුවලට ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීමෙන් සියලුදෙනාම වැළකී සිටිය යුතු බව ලෝක ව්‍යාප්ත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට, 1973දී පෙන්වා දෙනු ලැබීය. (2 කොරින්ති 7:1) වර්ෂ 1987දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවල, ක්‍රිස්තියානි යෞවනයන්ට දැඩි ලෙස උපදෙස් දෙනු ලැබුවේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර තත්ත්වයක් පවත්වා ගනු පිණිස තමන් දෙබිඩි ජීවිතයක් ගත කිරීමට එරෙහිව ආරක්ෂා විය යුතු බවය. (ගීතාවලිය 26:1, 4) “ලෝකයෙන් කිලුටු නොවන ලෙස” තමාව ආරක්ෂා කරගැනීම “අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය[ට]” අයත් වන බැවින්, විවිධාකාර වූ ලෝකයේ ස්වභාවයන්ට එරෙහිව මුරටැඹ, නැවත නැවතත් අවවාද කොට ඇත.—යාකොබ් 1:27.
9. මහත් පීඩාවෙන් පසු අනුමැතිය ලබා දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සැබවින්ම සිටිනු ඇත්තේ කවරහුද?
9 පැමිණෙන මහත් පීඩාවෙන් පසු දෙවියන් වහන්සේගේ අනුමැතිය ලත් මෙහෙකරුවන් හැටියට තවදුරටත් “සිංහාසනය ඉදිරියෙහි” සිටිනු ඇත්තේ, ආත්මික හා සදාචාරමය වශයෙන් පවිත්‍රව සිටින ආකාරයකට ජීවත්වීම සඳහා, තමන්ගේ ඇදහිල්ල තමන්වම පොලඹවන අයයි. මොවුහු වනාහි ක්‍රිස්තියානි ජීවිතයක් ආරම්භ කරන අය පමණක් නොව, නමුත් එය පක්ෂපාතීව ආරක්ෂා කරන සෙනඟක් වෙති.—එපීස 4:24.
“තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව”
10. යොහන් දුටු මහත් සමූහයේ අත්වල තාල අතුවල ඇති වැදගත්කම කුමක්ද?
10 ප්‍රේරිත යොහන් විසින් නිරීක්ෂණය කරන ලද පරිදි, “තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව” සිටීම, මහත් සමූහයේ කැපීපෙනෙන විශේෂාංග අතර විය. එහි ඇති වැදගත්කම කුමක්ද? නිසැකවම එම තාලපත්‍ර, ග්‍රීෂ්ම අස්වැන්න එක්රැස් කිරීමෙන් පසු පවත්වන ලද, හෙබ්‍රෙව් දින දර්ශනයේ වඩාත්ම ප්‍රීතිමත් උත්සවය වන, යුදෙව් කූඩාරම් මංගල්‍යය යොහන්ට සිහිගන්වන්ට ඇත. ව්‍යවස්ථාවට අනුව, එම මංගල්‍ය සමයේ වාසය පිණිස කූඩාරම් සෑදීමට, වෙනත් ගස්වල අතු සමඟ, තාල අතුද යොදාගනු ලැබීය. (ලෙවී කථාව 23:39, 40; නෙහෙමියා 8:14-18) හලෙල් නමැති ප්‍රශංසා ගී ගයන විට නමස්කාරකයන් විසින් දේව මාළිගාවේදී ඒවා වැනීමද කරන ලදි. (ගීතාවලිය 113-118) මහත් සමූහය විසින් තාලපත්‍ර වනනු ලැබීම, යේසුස්වහන්සේ කොටළුවෙක් මත යෙරුසලමට ඇතුල්වූ අවස්ථාවේදී නමස්කාරකයන් සමූහයක් ප්‍රීතියෙන් තාල අතු වනමින්, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙකැයි” කියා මොරගැසූ අවස්ථාවද යොහන්ට සිහිගැන්වූ බවට කිසිදු සැකයක් නැත. (යොහන් 12:12, 13) මෙසේ තාල අතු වැනීම අඟවනුයේ යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයට හා උන්වහන්සේගේ ආලේප ලත් රජුට මහත් සමූහය ප්‍රීතියෙන් ආචාර කරන බවය.
11. දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහි සැබවින්ම ප්‍රීතියක් ලබන්නේ මන්ද?
11 එම මහත් සමූහය දැන් පවා යෙහෝවඃවහන්සේට සේවය කරන විට පිළිබිඹු කරන්නේ එවන් ප්‍රීතිමත් ස්වභාවයකි. ඔවුන් දුෂ්කරතාවලට මුහුණ දෙන්නේ නැති බවත්, නැතහොත් දුක හෝ වේදනාව අද්දකින්නේ නැති බවත්, මින් අදහස් නොකරයි. එහෙත් යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් හා උන්වහන්සේව සතුටු කිරීමෙන් ලැබෙන තෘප්තිය ඒවා හිලව් කිරීමට දායක වේ. මෙසේ, වසර 45කට ගව්තමාලාහි සිය පුරුෂයා සමඟ සේවය කළ මිෂනාරිවරියක්, රාජ්‍යයේ පණිවුඩය සමඟින් ඉන්දියානු ගම්මානවල වැසියන් හා සම්බන්ධ වීමට වෑයම් දරත්ම, තමන්ට මුහුණ දීමට සිදුවූ නොදියුණු තත්ත්වයන්, මෙන්ම ජීවිතයේ කොටසක් බවට පත්වූ වෙහෙස වී වැඩ කිරීම හා අනතුරුසහගත ගමන් බිමන් ගැන සඳහන් කළාය. ඈ මෙසේ නිගමනය කළාය: “එය නම් අපේ ජීවිතයේ අප වැඩියෙන්ම සතුටින් සිටි කාලපරිච්ඡේදයක් වුණා,” යනුවෙනි. වයස්ගත වීමේ හා අසනීපවල බලපෑම් ඇයට දැනුණත්, ඇයගේ දින දර්ශනයේ අන්තිම සටහන් අතර මෙම වදන් තිබුණි, “එය, ඉතා හොඳ විපාකදායක ජීවිතයක් විය.” ලොව පුරා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට තමන්ගේ දේව සේවය ගැන හැඟෙන්නේද එලෙසය.
-
-
පරිශුද්ධ සේවය පිරිනමන මහත් සමූහයක්1995 මුරටැඹ | පෙබරවාරි 1
-
-
‘සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත්’
16. මහත් සමූහය “සියලු ජාතීන්ගෙ[න්]” පැමිණීම සැබෑවක් බව තහවුරු වන්නේ කෙසේද?
16 මහත් සමූහයට අයත් වූවන්, පැමිණෙන්නේ සියලු ජාතීන් අතරෙන්ය. දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සපයන ලද මිදීමේ මිලය ඒ සියල්ලන්ට ප්‍රයෝජන අත්කර දීමට ප්රමාණවත්ය. 1935දී පළමුවරට ශුද්ධ ලියවිලිමය වශයෙන් මහත් සමූහය හඳුනාගනු ලැබූ විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ රටවල් 115ක ක්‍රියාශීලීව සිටියහ. එක්දහස් නවසිය අනූ ගණන් වන විට, බැටළු ගුණැති අය සඳහා සෙවිල්ල එය මෙන් දෙගුණයකටත් වැඩි රටවල් සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබුණි.—මාර්ක් 13:10.
17. මහත් සමූහයට ඇතුළත් කිරීම සඳහා සියලු ‘ගෝත්‍ර, සෙනඟ හා භාෂාවන්ට’ අයත් ජනයාට උපකාර කිරීමට කරනු ලබන්නේ කුමක්ද?
17 මහත් සමූහයට අයත් විය හැකි සාමාජිකයන් සෙවීමෙහිලා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අවධානය යොමු කර තිබෙන්නේ ජාතික කණ්ඩායම්වලට පමණක් නොව, නමුත් එම ජාතීන් අතර ගෝත්‍ර, සෙනඟ හා භාෂාවන්ටත්ය. මෙම ජන සමූහයන් කරා යනු පිණිස, මෙම සාක්ෂිකරුවෝ භාෂා 300කට වැඩි සංඛ්‍යාවකින් බයිබල් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කරති. සුදුසුකම් ඇති පරිවර්තක කණ්ඩායම් පුහුණු කිරීම හා නඩත්තු කිරීම, මෙම භාෂා සියල්ල හසුරුවාගැනීමට හැකියාව ඇති පරිගණක උපකරණ සැපයීම, මෙන්ම ඒ සඳහා මුද්‍රණ කටයුතු කිරීම මෙයට ඇතුළත් වේ. පසුගිය වසර පහ තුළදී පමණක්, 9,80,00,000ක් පමණ සෙනඟ විසින් කථා කරනු ලබන භාෂා 36ක්, මෙම ලැයිස්තුවට එකතු කර ඇත. මීට අමතරව, මෙම ජන සමූහයට දේව වචනය තේරුම්ගැනීම සඳහා උපකාර කිරීමටත්, පෞද්ගලිකව ඔවුන් හමුවීමටත් සාක්ෂිකරුවෝ බලවත් වෑයමක් දරති.—මතෙව් 28:19, 20.
-