ඔබට මතකද?
මෑත මුරටැඹ කලාපවලට ඔබ පරෙස්සමින් සිත යොමු කර තිබෙනවාද? එසේනම්, මතු දැක්වෙන දේ සිහි කරගැනීම සිත්ගන්නා දෙයක් බව ඔබට පෙනී යයි:
◻ කලින් දැන සිටීම පිළිබඳ ඉගැන්වීම අසාධාරණ මන්ද?
පාපය තුළට ආදම්ගේ වැටීම දෙවි කලින් දැන සිටියා නම් හා එලෙස සිදුවීමට නියෝග කළා නම්, යෙහෝවා මිනිසා සෑදූ විට ඔහු පාපයේ උත්පාදකයා බවට පත් වන අතර, සෑම මිනිස් දුෂ්ටකමක් සහ දුක් විඳීමකට ඔහු වගකියන්න යනවා. යෙහෝවා දුෂ්ටකමට ද්වේෂ කරන ප්‍රේමයේ දෙවිකෙනෙක්ය යන සත්‍යය සමඟ මෙය එකඟ කළ නොහැකියි. (ගීතාවලිය 33:5; හිතෝපදේශ 15:9; 1 යොහන් 4:8)—4/15, 7, 8 පිටු.
◻ යෙසායා 2:2-4හි ඉටුවීමක් වශයෙන්, බොහෝ ජාතීන්වල ජනයා කරමින් සිටින්නේ කුමක්ද?
ඔවුන් යෙහෝවාගේ නමස්කාර ගෘහයට ඇදී එද්දී, සාමයට බාධා කරන සියලුම සතුරන් ඉවත් කිරීමට සැරසී සිටින දෙවිගේ හමුදාවල ආරක්ෂාව කෙරෙහි ඔවුන් නිසැකකම තබා තිබෙන නිසා, ඔවුන් ‘යුද්ධ ඉගෙනගැනීමෙන්ද’ වැළකී සිටිනවා.—4/15, 30වන පිටුව.
◻ යෝවෙල් 3:10, 11හි කතා කර ඇති දෙවිගේ බලවතුන් කවුද?
බයිබලයේ 280 වතාවක් පමණ, සැබෑ දෙවිව ‘සේනාවල යෙහෝවා’ ලෙස හඳුන්වා තිබෙනවා. (2 රාජාවලිය 3:14) මේ සේනාව නම් යෙහෝවාගේ අණ ලැබෙන තෙක් සූදානමින් සිටින ස්වර්ගීය දේවදූත සමූහයයි.—5/1, 23, 24 පිටු.
◻ යෝබ්ට විරුද්ධව පව් කළ අය වෙනුවෙන් යාච්ඤා කිරීම යෙහෝවා යෝබ්ගෙන් අපේක්ෂා කිරීම මගින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (යෝබ් 42:8)
යෝබ්ව සුවදායී තත්වයකට යළි ප්‍රකෘතිමත් කිරීමට පෙර, ඔහුට විරුද්ධව පව් කළ අය වෙනුවෙන් යාච්ඤා කිරීම යෙහෝවා ඔහුගෙන් අපේක්ෂා කළා. අපගේ පාපවලට සමාව ලබාගන්න හැකිවීමට පෙර, අප අන්‍යයන්ගේ පාපවලට සමාව දීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරන බව එමගින් පෙන්වනවා. (මතෙව් 6:12; එපීස 4:32)—5/1, 31වන පිටුව.
◻ “විඳදරාගැනීමේ ක්‍රියා සම්පූර්ණ කෙරේවා” කියා යාකොබ් පැවසූ විට ඉන් අදහස් කළේ කුමක්ද? (යාකොබ් 1:4, NW)
විඳදරාගැනීමට කාර්යයක්, එනම් ‘ක්‍රියාවක්’ තිබෙනවා කරන්න. ඊට අයත් පැවරුම, හැම ආකාරයකින්ම අපව සම්පූර්ණ කිරීමයි. එබැවින්, පරීක්ෂා ඉක්මනින් කෙළවරකට ගෙන ඒමට ශුද්ධ ලියවිලිවලට විරෝධී ක්‍රම යොදාගැනීමට කිසිම ප්රයත්නයක් නොදරා, පරීක්ෂා ඒවායෙහි අවසානය දක්වා පවතින්න ඉඩහැරීමෙන්, අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වී ශෝධනය වෙනවා.—5/15, 16වන පිටුව.
◻ මනුෂ්‍යවර්ගයාගේ ගැටලු විසඳීමට දෙවි මේ තරම් දිගු කාලයක් බලා සිට තිබෙන්නේ ඇයි?
කාලය දෙස යෙහෝවා බලන ආකාරය අප බලන ආකාරයට වඩා වෙනස්. සදාකාලික දෙවිට නම් ආදම්ගේ මැවීමේ සිට මේ දක්වා ගත වී තිබෙන කාලපරිච්ඡේදය සතියකටවත් සමාන නැහැ. (2 පේතෘස් 3:8) නමුත් කාලය දෙස අප බලන ආකාරය කුමක් වුණත්, පසු වන සෑම දවසක්ම යෙහෝවාගේ නිදොස් කිරීමේ දවස කරා අපව ගෙන යනවා.—6/1, 5, 6 පිටු.
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ කුමක්ද?
යෙහෝවාගේ ඉගැන්වීම් අද්විතීය ජනකායක් බිහි කර තිබෙන අතර, එකිනෙකාට ප්‍රේම කරන්නත් තමන්ට මෙන් තම අසල්වාසීන්ට ප්‍රේම කරන්නත් ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. (යෙසායා 54:13) උදාසීනත්වය හෝ පීඩා හමුවේ පවා දිගටම දේශනා කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ ප්‍රේමයයි. (මතෙව් 22:36-40; 1 කොරින්ති 13:1-8)—6/15, 20වන පිටුව.
◻ “පටු දොරකඩින් ඇතුල් වෙන්ට මහත් වීර්යයකින් යුතුව ඔබවම වෙහෙස වන්න” යයි පවසන යේසුගේ වචනවලින් ඇඟවෙන්නේ කුමක්ද? (ලූක් 13:24, NW)
පොර ඇල්ලීමක්, පෞද්ගලිකව මහත් ආයාසයක් දැරීමක් යේසුගේ වචනවලින් අදහස් කරනවා. ඇතැම්විට සමහරුන් ‘දොරෙන් ඇතුල් වෙන්න බලන්නේ’ තමුන්ට පහසු වේලාවක හෝ පහසු වේගයකින් පමණක් බවත් යේසුගේ වචනවලින් අදහස් වෙනවා. එනිසා අප එක් එක්කෙනාට අපෙන්ම මෙසේ අසාගත හැකියි, ‘මම කඩිසරකමකින් සහ උත්සාහවන්තකමින් දේවල නිරත වී සිටිනවාද?’—6/15, 31වන පිටුව.
◻ නැවත නැඟිටුවනු ලැබූවන්ව “තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු” ලබන්නේ කෙසේද? (එළිදරව් 20:12)
මෙම පොත් ඔවුන්ගේ අතීත ක්‍රියාවල වාර්තාවක් නොවෙයි; ඔවුන් මියගිය විට, තම ජීවිත කාලයේදී කළ පාපවලින් ඔවුන්ව නිදහස් කරනු ලැබුවා. (රෝම 6:7, 23) කෙසේවෙතත්, නැවත-නැඟිටුවනු ලබන මනුෂ්‍යයන් ඒ වෙද්දිත් ආදම්ගේ පාපය යටතේ සිටීවි. එසේනම්, යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාවෙන් පූර්ණ ලෙස ප්‍රයෝජන ගැනීම සඳහා සියලුදෙනාම අනුගමනය කළ යුතු දිව්‍යමය උපදෙස් මෙම පොත්වල දක්වා තිබෙනවා විය යුතුයි.—7/1, 22වන පිටුව.
◻ කාරුණික සමාරියයා පිළිබඳ යේසුගේ උපමාවෙහි අප සඳහා අඩංගු වන්නේ මොන පාඩම්ද? (ලූක් 10:30-37)
සැබවින්ම කෙළින් වැඩ කරන පුද්ගලයෙක් දෙවිගේ නීතිවලට කීකරු වෙන කෙනෙක් පමණක් නොව, නමුත් ඔහුගේ ගුණාංගත් අනුකරණය කරන කෙනෙක් බව යේසුගේ උපමාව පෙන්නුම් කරයි. (එපීස 5:1) අපේ අසල්වැසිභාවය සියලු ජාතික, සංස්කෘතික හා ආගමික බාධක අබිබවා යා යුතු බවද එය පෙන්වයි. (ගලාති 6:10)—7/1, 31වන පිටුව.
◻ ඔබේ දරුවන්ව දැනගැනීමටත්, දෙමාපිය මඟ පෙන්වීම සැපයීමටත් ඔබට හැකි පැති තුනක් නම් කරන්න.
(1) සුදුසු විදිහේ බාහිර රැකියාවක් තෝරාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න; (2) පාසැලේදී හා රැකියා ස්ථානයේදී ඇති වන චිත්තපීඩාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ව සූදානම් කරන්න; (3) තම ආත්මික අවශ්‍යතා සපුරාගන්න ආකාරය ඔවුන්ට පෙන්වන්න.—7/15, 4වන පිටුව.
◻ දෙවි “සත්වෙනි දවසේ” විශ්‍රාම ගත්තේ මොන අරමුණින්ද? (උත්පත්ති 2:1-3)
දෙවිට තෙහෙට්ටුව දැනුණ නිසා ඔහු විශ්‍රාම ගත්තා නෙවෙයි. ඒ වෙනුවට, ඔහු පොළොව මැවීමේ තම ක්‍රියාකාරකම්වලින් වැළකී සිටියේ තම හස්තකර්ම වර්ධනය වී සමෘද්ධියේ ඉහළම තත්වයට පැමිණෙන තුරායි; ඒ සියල්ල ඔහුගේ ප්‍රශංසාවටත් ගෞරවයටත් හේතු වෙයි.—7/15, 18වන පිටුව.
◻ යුක්තිය පවත්වාගැනීමට අපට හැකි මාර්ග තුන මොනවාද?
පළමුවෙන්ම අප දෙවිගේ සදාචාරමය ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි. (යෙසායා 1:17) දෙවනුව, යෙහෝවා අපට කෙසේ සලකනවාටද අප කැමති, අපත් එයාකාරයෙන්ම අන්‍යයන්ව සලකන විට අප යුක්තිය පවත්වන්න යනවා. (ගීතාවලිය 130:3, 4) තෙවනුව, දේශනා කිරීමේ ක්‍රියාකාරකමේ අප කඩිසරව යෙදෙන විට අප දිව්‍ය යුක්තිය විදහාපානවා. (හිතෝපදේශ 3:27)—8/1, 14, 15 පිටු.