රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සාක්ෂිකරුවන් ප්‍රංශ වැසියන් වෙතට යයි
වර්ෂ 1999 ජනවාරි 29වන සිකුරාදා අලුයමේ සිට සති අන්තය පුරාම, ප්‍රංශයේ සිටින සාක්ෂිකරුවන් වීථිවලත්, පසුව ගෙයින් ගෙටත් මහත් උද්යෝගයකින් ප්‍රංශ වැසියෙනි, ඔබව රවටා ඇත! නමැති පත්‍රිකාවේ පිටපත් දශලක්ෂ 12ක් බෙදාහැරියා. එවැනි ව්‍යාපෘතියක් දියත් කළේ ඇයි?
එම සිකුරාදා උදෑසන පැරීසියේදී පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී, මේ ව්‍යාපෘතියට හේතුව සඳහන් කළා. සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් මෙසේ පැහැදිලි කළා: “අද අපි කරමින් ඉන්නේ, අපි කවුද කියලා හඳුන්වා දීම සහ අපි ගැන පතුරුවා තිබෙන නින්දා අපහස නිහඬ කරන එකයි. අපි විවේචන භාරගන්න සූදානම්. ඒත්, අපේ කීර්ති නාමය පලුදු කරන්න පතුරුවන බොරු කතාවලට අපි තවදුරටත් ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ.”
ප්‍රංශයේ තුන්වන විශාලම ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුවත්, පාසැල් යන සාක්ෂිකාර දරුවන් බොහෝදෙනෙකු අපහස සහ අඩන්තේට්ටම්වලට ලක්ව තිබෙනවා. වැඩිහිටියන්ව ඔවුන්ගේ ආගම නිසා රැකියාවලින් පහ කර, තර්ජනය කර තිබෙනවා. සාක්ෂිකරුවන් ලද ආගමික සම්මාදම්වලින් පවා 60%ක බද්දක් අය කිරීම සිතාගත නොහැකියි. මෙම ව්‍යාපෘතිය මේ කෙනෙහිලිවලට එරෙහිව ක්‍රියා කළේ කොහොමද?
පත්‍රිකාව මෙසේ ප්‍රකාශ කරනවා: “ප්‍රංශයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් යුත් 2,50,000දෙනා, 1900 සිට ප්‍රංශය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින තම ක්‍රිස්තියානි ධර්මය, වර්ෂ 1995 සිට භයානක නිකායක් ලෙස අසාධාරණ ලෙස හිතුමතේට ගණන් ගෙන තිබීම තරයේ හෙළා දකිති. . . . ඔවුන්ව නිරන්තරවම හිරිහැරවලට ලක් කිරීම හෙළා දකිති.” ප්‍රංශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙත එල්ල කරනු ලැබූ නින්දාසහගත චෝදනා සහ නිෂේධාත්මක ප්‍රචාරයන් ප්‍රසිද්ධ කරන්න සෙවූ හෙළා දකින්නන්ගේ ක්‍රියාමාර්ග මෙමගින් අනාවරණය කළා. පත්‍රිකාව අවසන් කළේ මෙසේ කියමින්: “අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් දශලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපයේ සිටිති. ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව විසීම මගින් තමන් පුරවැසියන්ව සිටින රටේ නීති රීතිවලට ඔවුහු ගරු කරති. ප්‍රංශයේ වැසියෙනි, ඇත්ත මෙයයි. ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වා දීම අපේ යුතුකමයි!”
වේගවත් මෙන්ම ඒකාන්ත ප්‍රතිචාරය
මුල්ම දවසේදී පත්‍රිකා දශලක්ෂ ගණනක් බෙදා හැරියා. මද්දහන වෙද්දි, පැරීසියේ පමණක්, සාක්ෂිකරුවන් 7,000කට වැඩි සංඛ්‍යාවක් එකතු වී පත්‍රිකා දශලක්ෂ 1.3කට වඩා වැඩි ප්‍රමාණයක් ජනයා අතට පත් කළා. එතරම් සාක්ෂිකරුවන් සංඛ්‍යාවක් වීථිවලට බැස පත්‍රිකා බෙදාහැරීමක් කරනවා මහජනයා දුටු මුල්ම වතාව එය බවට සැකයක් නැහැ. ජාතික මෙන්ම ප්‍රාදේශීය පුවත්පත් සහ රූපවාහිනි මාධ්‍යයන්, මේ ව්‍යාපෘතියට සතුටුදායක ප්‍රතිචාරයක් දැක්වුවා. ල ප්රෝග්රෙ ඩ ලිඕන් නමැති පුවත්පත මෙසේ සඳහන් කළා: “මෙම මුලපිරීම . . . වචනයක් වරදවා වටහාගැනීම නිරාකරණය කිරීමට උපකාරවත් වී තිබෙනවා. පසුගිය දශකය පුරා ‘නිකාය’ නමැති වචනය . . . දූෂිත, භයානක සහ හානිකර යන අරුතක් ලබා දුන්නා. . . . සමාජ ක්‍රමය බිඳ දමයි කියා සිතන්න තරම් භයානක ස්වරූපයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තුළ නැහැ.”
සාක්ෂිකරුවන්ගේ සාමකාමී ස්වභාවය සහ ස්ථාපිත නීති රෙගුලාසි කෙරෙහි ඔවුන් තුළ ඇති ගැඹුරු ගෞරවය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන දන්නාවූ අය විසින් අගය කරනවා. තවදුරටත්, ව්‍යාපෘතියට සම්බන්ධ වූ දසදහස් ගණන් සාක්ෂිකරුවන්ට, වීථිවල ගමන් කරමින් සිටි අය ඔවුන්ගේ අගය කිරීම සහ සහයෝගය පළ කළා. පත්‍රිකාව පිළිබඳව මහජන පැසසුම් පුද කරන දූරකථන ඇමතුම්, ෆැක්ස් පණිවිඩ සහ ලිපි ඒ මොහොතේ සිටම ගලා එන්න පටන්ගත්තා. මේ සියල්ලටම වැඩියෙන්, අසත්‍ය, කිසිම හරයක් නැති කියමන්වලට එරෙහිව යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳ ඇත්ත දැනගැනීම සඳහා අවංක අයට ප්‍රස්තාවක් ලබා දුන්නා. එමෙන්ම, සාක්ෂිකරුවන් ආදරයෙන් රැකගෙන සිටින, එහෙත් ද්වේෂසහගත අපහස එල්ල කර තිබූ ඔවුන්ගේ විශ්වාසයන් පිළිබඳව තම හැඟීම් පළ කරන්නද එමගින් ඔවුන්ට හැකි වුණා.