11වෙනි පාඩම
උද්යෝගය
ඒක කරන විදිහ:
තොරතුරු ඔයාගේ හදවතට ගන්න. ඔයා දෙන්න හදන පණිවිඩයේ වැදගත්කම ගැන සූදානම් වෙද්දී හිතන්න. තොරතුරු හොඳින් තේරුම්ගන්න. එතකොට හදවතින්ම කතා කරන්න පුළුවන්.
සවන් දෙන්නන් ගැන හිතන්න. ඔයා කියවන්න හෝ උගන්වන්න යන තොරතුරු සවන් දෙන අයට ප්රයෝජනවත් වන විදිහ ගැන හිතන්න. සවන් දෙන අයගේ හිතේ අගයක් ඇති වන විදිහට ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් විදි හිතලා බලන්න.
ප්රාණවත්ව කතා කරන්න. ඔයාගේ අංග චලන සහ මුහුණේ ඉරියව් ස්වාභාවික වෙන්න ඕනේ. එතකොටයි හදවතින්ම කතා කරනවා කියලා තේරෙන්නේ.