13වෙනි පාඩම
තොරතුරු ප්රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න
හිතෝපදේශ 3:21
සාරාංශය: කතා කරන විෂය සවන් දෙන අයගේ ජීවිතවලට වැදගත් වන විදිහ තේරුම්ගන්න උදව් කරන්න. තොරතුරු අදාළ කරගන්න පුළුවන් විදිහත් පෙන්වන්න.
ඒක කරන විදිහ:
සවන් දෙන අය ගැන හිතන්න. ඔයා කතා කරන තොරතුරු සවන් දෙන අයට ප්රයෝජනවත් ඇයි කියලා හිතන්න. විශේෂයෙන්ම එයාලට ප්රයෝජනවත් වෙන්නේ මොන කරුණද කියලා හිතන්න.
අදාළ වන පැති පෙන්වන්න. ඉදිරිපත් කිරීම ආරම්භයේ ඉඳන්ම ‘මේක මට උදව් වෙනවා’ කියලා සවන් දෙන අයට හිතෙන්න ඕනේ. ප්රධාන කරුණක් ගොඩනඟද්දී ඒක අදාළ කරගන්න පුළුවන් විදිහ නිශ්චිතව පෙන්වලා දෙන්න.