15වෙනි පාඩම
යේසුස් කියන්නේ කවුද?
ජේසු නැත්නම් යේසුස් කියන නම ගොඩක් අය අහලා තියෙනවා. හැබැයි ඔහු ගැන විස්තර වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම එයාලට ඔහු කවුද කියන එක ගැන විවිධ අදහස් තියෙනවා. බයිබලයේ යේසුස් ගැන මොනවාද කියන්නේ?
1. යේසුස් කියන්නේ කවුද?
යේසුස්ට ලොකු බලයක් තියෙනවා. ඔහු ඉන්නේ ස්වර්ගයේ. අනිත් හැම දෙයක්ම හදන්න කලින් යෙහෝවා දෙවියන් මුලින්ම හැදුවේ යේසුස්වයි. යේසුස්ට “දෙවියන්ගේ මුල්ම නිර්මාණය” කියලා කියන්නේ ඒ නිසයි. (කොලොස්සි 1:15) යෙහෝවා දෙවියන් තනියෙන්ම හදපු එකම කෙනා යේසුස්. බයිබලයේ ඔහුව දෙවියන්ගේ “එකම පුතා” කියලා හඳුන්වන්නේ ඒ නිසයි. (යොහන් 3:16) යෙහෝවා දෙවියන් අනිත් හැම දෙයක්ම හදද්දී යේසුස් ඔහුත් එක්ක කිට්ටුවෙන් වැඩ කළා. (හිතෝපදේශ 8:30 කියවන්න.) යේසුස්ට යෙහෝවා දෙවියන් ඒ කියන්නේ එයාගේ තාත්තා එක්ක තියෙන්නේ හරිම කිට්ටු බැඳීමක්. ඔහු හරිම විශ්වාසවන්තව දෙවියන්ගේ පණිවිඩ සහ උපදෙස් මිනිස්සුන්ට දැනුම් දෙනවා. ඒ නිසයි ඔහුට “‘වචනය’ කියන තැනැත්තා” කියලා කියන්නේ.—යොහන් 1:14.
2. යේසුස් පොළොවට ආවේ ඇයි?
ස්වර්ගයේ හිටපු යේසුස් අවුරුදු 2,000කට විතර කලින් මේ පොළොවේ මනුස්සයෙක් විදිහට ඉපදුණා. ඒක වුණේ ආශ්චර්යයකින්. යෙහෝවා දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරලා යේසුස්ව මරියා කියන තරුණියගේ ගර්භාෂයේ වැඩෙන්න සැලැස්සුවා. (ලූක් 1:34, 35 කියවන්න.) යේසුස්ව පොළොවට එව්වේ මිනිස්සුන්ව බේරගන්න.a ඔහුට පොරොන්දු වුණ ගැලවුම්කරු නැත්නම් ක්රිස්තුස් කියලා කියන්නේ ඒ නිසයි. දෙවියන් කලින්ම ගැලවුම්කරු ගැන ගොඩක් දේවල් කියලා තිබුණා. ඒ හැම දෙයක්ම යේසුස් මාර්ගයෙන් ඉටු වුණා. ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒක උදව් වුණා යේසුස්ව ගැලවුම්කරු නැත්නම් “ක්රිස්තුස්” විදිහටත් “ජීවමාන දෙවියන්ගේ පුතා” විදිහටත් අඳුරගන්න.—මතෙව් 16:16.
3. දැන් යේසුස් ඉන්නේ කොහෙද?
යේසුස් මැරුණාට පස්සේ දෙවියන් ඔහුට ආයෙත් ජීවිතේ දුන්නා. ඒ, ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ ‘කලින් හිටියාටත් වඩා උසස් තත්වයක් දෙවියන් ඔහුට දුන්නා.’ (ෆිලිප්පි 2:9) දැන් යේසුස් හරිම බලවත් කෙනෙක්. ඔහු දෙවෙනි වෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි.
තවත් හොයමු
යේසුස් කවුද කියලා තව විස්තරත් ඔහු ගැන ඉගෙනගන්න එක වැදගත් ඇයි කියලත් දැනගන්න.
4. යේසුස් සියලු බලැති දෙවියන් නෙමෙයි
අපි දැනගත්තා යේසුස් ස්වර්ගයේ ඉන්න හරිම බලවත් කෙනෙක් කියලා. ඒත් බයිබලයේ කියනවා යේසුස් ඔහුගේ දෙවියන් සහ තාත්තා වන යෙහෝවාට යටත් කියලා. ඒක විශ්වාස කරන්න පුළුවන්ද? සියලු බලැති දෙවියන් සහ යේසුස් අතර තියෙන වෙනස ගැන බයිබලයේ කියලා තියෙන දේ දැනගන්න වීඩියෝ එක බලන්න.
යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන හරි අවබෝධයක් ලබාගන්න පහළ තියෙන බයිබල් පද අපිට උදව් වෙනවා. හැම බයිබල් පදයක්ම කියවලා සඳහන් කරලා තියෙන ප්රශ්න ගැන කතා කරන්න.
ලූක් 1:30-32 කියවන්න.
“උසස්ම දෙවියන්” වන යෙහෝවා සහ යේසුස් අතර තියෙන සම්බන්ධය ගැන දේවදූතයා කිව්වේ මොකක්ද?
මතෙව් 3:16, 17 කියවන්න.
යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ ස්වර්ගයෙන් ආපු හඬ කිව්වේ මොකක්ද?
ඒ කාගේ හඬ කියලද ඔයා හිතන්නේ?
යොහන් 14:28 කියවන්න.
වයසින් වැඩි කවුද? වැඩි බලයක් තියෙන්නේ තාත්තාටද පුතාටද?
යේසුස් යෙහෝවා දෙවියන්ට තාත්තා කියලා කතා කළා. ඒකෙන් ඔයා තේරුම්ගත්තේ මොකක්ද?
යොහන් 12:49 කියවන්න.
ඔහුයි, ඔහුගේ තාත්තායි එක් කෙනෙක් කියන අදහස යේසුස් දුන්නාද? ඔයා හිතන්නේ මොකක්ද?
5. ගැලවුම්කරු යේසුස් කියලා පැහැදිලි වුණා
ගැලවුම්කරු ගැන ගොඩක් අනාවැකි බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. මිනිස්සුන්ව ගලවගන්න දෙවියන් තෝරගත්ත කෙනාව අඳුරගන්න මේ අනාවැකි උදව් වෙනවා. යේසුස් පොළොවේ ඉද්දී ඉටු කරපු සමහර අනාවැකි ගැන දැනගන්න වීඩියෝ එක බලන්න.
බයිබලයේ තියෙන මේ අනාවැකි කියවලා සඳහන් කරලා තියෙන ප්රශ්න ගැන කතා කරන්න.
ගැලවුම්කරු ඉපදෙන්නේ කොහෙද කියලා දැනගන්න මීකා 5:2 කියවන්න.b
ඒ අනාවැකිය ඉටු වුණාද?—මතෙව් 2:1.
ගැලවුම්කරුගේ මරණය ගැන කියපු සමහර තොරතුරු දැනගන්න ගීතාවලිය 34:20 සහ සෙකරියා 12:10 කියවන්න.
ඒ අනාවැකි ඉටු වුණාද?—යොහන් 19:33-37.
ඒ අනාවැකි ඉටු වෙන විදිහට දේවල් කරන්න යේසුස්ට පුළුවන් වෙන්න ඇති කියලා ඔයා හිතනවාද?
මේ තොරතුරුවලින් යේසුස් ගැන ඔයාට පැහැදිලි වෙන්නේ මොනවාද?
6. යේසුස් ගැන ඉගෙනගන්න එකේ වටිනාකම
යේසුස් ගැනයි, ඔහු කරන දේවල් ගැනයි ඉගෙනගන්න එක ගොඩක් වටිනවා කියලා බයිබලයේ කියනවා. යොහන් 14:6 සහ 17:3 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
යේසුස් ගැන ඉගෙනගන්න එක වටිනවා කියලා කියන්නේ ඇයි?
සමහරු මෙහෙම කියනවා: “සාක්ෂිකාරයෝ යේසුස්ව පිළිගන්නේ නෑ.”
ඒකට ඔයා උත්තර දෙන්නේ කොහොමද?
ඉගෙනගත්ත දේ
යේසුස් ස්වර්ගයේ ඉන්න, ලොකු බලයක් තියෙන කෙනෙක්. ඔහු තමයි දෙවියන්ගේ පුතා සහ ගැලවුම්කරු.
ඔයා හිතන්නේ මොකක්ද?
යේසුස්ට “දෙවියන්ගේ මුල්ම නිර්මාණය” කියලා කියන්නේ ඇයි?
පොළොවට එන්න කලින් යේසුස් කළේ මොනවාද?
ගැලවුම්කරු යේසුස් කියලා අපි දන්නේ කොහොමද?
තව දැනගන්න
ගැලවුම්කරු යේසුස් කියලා කියන්න තියෙන තව හේතු ගැන දැනගන්න.
“ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?” (වෙබ් ලිපිය)
දෙවියන්ට යේසුස්ගේ තාත්තා කියලා කියද්දී ඇත්තටම ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.
“යේසුස්ව දෙවියන්ගේ පුත්රයා හැටියට හැඳින්නුවේ ඇයි?” (වෙබ් ලිපිය)
ත්රිත්වය බයිබලයේ තියෙන ඉගැන්වීමක් නෙමෙයි. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න.
“යේසුස් සහ දෙවි එකම තැනැත්තාද?” (2009 අප්රියෙල් 1 ‘මුරටැඹ’)
යේසුස් ගැන බයිබලයේ කියලා තියෙන දේවල් දැනගත්තාට පස්සේ කාන්තාවකගේ ජීවිතේ වෙනස් වුණේ කොහොමද කියලා කියවලා බලන්න.
“යුදෙව් කාන්තාවක් ඇගේ විශ්වාසය ගැන කියයි” (2013 මැයි ‘පිබිදෙව්!’)
a මිනිස්සුන්ව බේරගන්න ඕනෙ ඇයි කියලත් යේසුස් අපිව බේරගන්නේ කොහොමද කියලත් 26 සහ 27 පාඩම්වලින් දැනගන්න පුළුවන්.
b යේසුස් මේ පොළොවට එන කාලය හරියටම කියපු අනාවැකියක් ගැන දැනගන්න 2වෙනි අමතර සටහන බලන්න.