ජෝර්ජියාව
මගේ ජීවිතය වෙනස් කරගන්න මට ඕන වුණා
ඩේවිට් සැම්කරඩේස්
ඉපදුණේ 1967
බව්තීස්ම වුණේ 1989
තොරතුරු සංචාරක සේවකයෙක් විදිහට වැඩ කළා. 2013 ඉඳන් බයිබල් පාසැල්වල උපදේශකයෙක් විදිහට සේවය කරනවා.
1985දී මට හමුදා සේවයට බැඳෙන්න වුණා. එතකොට මට අවුරුදු 18යි. හමුදාවේ සිද්ධ වුණු අසාධාරණකම්, කුරිරුකම් ගැන මට තිබුණේ ලොකු කලකිරීමක්. මම හිතාගත්තා “කවදාවත් මෙතැන ඉන්න අය වගේ වෙන්නේ නැහැ” කියලා. ඒත් ඒක කරන එක හිතපු තරම් ලේසි වුණේ නැහැ. මගේ ගතිගුණත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා. ඒ නිසා මගේ ජීවිතය වෙනස් කරගන්න මට ඕන වුණා.
හමුදා සේවය ඉවර වුණාට පස්සේ මම ගෙදර ආවා. එක දවසක් රෑ මම දෙවිගෙන් යාච්ඤා කරලා ඉල්ලුවා මට හොඳ කෙනෙක් වෙන්න උදව් කරන්න කියලා. පහුවෙනිදා මම වැඩට යන ගමන් නැන්දා කෙනෙක්ගේ ගෙදරට ගියා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. එහෙට යද්දී එතැන සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් රැස්වීමක් පවත්වන්න සූදානම් වෙලයි හිටියේ. එයාලා මාව ආදරෙන් පිළිගත්තා. මටත් හිතුණා ටිකක් ඉඳලා රැස්වීමේ මොනවාද වෙන්නේ කියලා බලන්න.
මම බයිබලය පාඩම් කරලා මාස හයකට පස්සේ බව්තීස්ම වුණා. පරණ ජීවිතය අතහැරලා හොඳ කෙනෙක් වෙන්න යෙහෝවා දෙවි මට උදව් කළා.