අගෝස්තු 30, ඉරිදා
“යෙහෝවා බිඳුණු සිත් ඇති අය ළඟින්ම ඉන්නවා.”—ගීතා. 34:18.
අනිත් අය ඔයාට නපුරු විදිහට සැලකුවත් යෙහෝවා ඔයාට ආදරෙයි, ඔහුට ඔයාව වටිනවා කියලා මතක තියාගන්න. යෙහෝවා ඔයාට තියෙන ලස්සන ගතිගුණ දැක්කා. ඒ නිසයි ඔහු ඔයාව ඔහු ළඟට ඇදලා ගත්තේ. (යොහ. 6:44) ඕනම වෙලාවක ඔයාට උදව් කරන්න ඔහු ලෑස්ති පිට ඉන්නවා. මොකද ඔහුට ඔයාව ගොඩක් වටිනවා. යේසුස් වැඩ කරපු විදිහෙන් යෙහෝවාට අනිත් අය ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න පුළුවන්. මිනිස්සු කිසිම වටිනාකමක් දුන්නේ නැති අයට යේසුස් අවධානය දුන්නා. ඔහු එයාලට ආදරෙන්, අනුකම්පාවෙන් සැලකුවා. (මතෙ. 9:9-12) සැරයක් බරපතළ අසනීපයක් තිබුණ කාන්තාවක් සුව වෙයි කියලා හිතලා යේසුස්ගේ සළුවෙන් ඇල්ලුවා. යේසුස් එයාට බණිනවා වෙනුවට එයාව සනසලා එයාගේ විශ්වාසේ අගය කළා. (මාක් 5:25-34) ඒ වෙලාවේ යේසුස් වැඩ කළේ යෙහෝවා වගේමයි. යෙහෝවාටත් මිනිස්සු ගැන දැනෙන්නේ ඒ විදිහටමයි. (යොහ. 14:9) ඉතින් යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලත් විශ්වාසේ, ආදරේ වගේ ඔයා ළඟ තියෙන ලස්සන ගුණාංග ඔහු දකිනවා කියලත් සැක කරන්න ඔයාට කිසිම හේතුවක් නැහැ. w24.10 7 4-5¶
අගෝස්තු 31, සඳුදා
“මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ එකතු කරලා තියාගන්න.”—ගීතා. 56:8.
ජීවිත කාලේ පුරා දාවිත්ගේ ඇස්වලින් කඳුළු වැටුණ අවස්ථා සෑහෙන්න තිබුණා. ගොඩක් අය එයාට නපුරුකම් කළා. එයාගේ කිට්ටු අය එයාට ද්‍රෝහි වුණා. (1 සාමු. 19:10, 11; 2 සාමු. 15:10-14, 30) සැරයක් දාවිත් මෙහෙම කිව්වා. “අඬලා අඬලාම මම හෙම්බත් වෙලා. රෑ පුරා මගේ ඇස්වලින් ගලන කඳුළෙන් මගේ යහන පෙඟිලා. කඳුළුවලින් මගේ ඇඳ තෙත් වෙලා.” (ගීතා. 6:6) කොච්චර ප්‍රශ්න ආවත් යෙහෝවාගේ ආදරේ ගැන දාවිත්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒකයි එයා කිව්වේ “මං උදව් ඉල්ලලා අඬද්දී යෙහෝවා මට අනිවාර්යයෙන්ම සවන් දෙනවා” කියලා. (ගීතා. 6:8) අද දිනපදේ දාවිත්ගේ වචන කියවද්දී යෙහෝවාගේ ආදරේ අපිට දැනෙනවා. දාවිත්ට දැනුණේ එයාගේ ඇහෙන් වැටෙන හැම කඳුළක්ම යෙහෝවා සම් භාජනයකට එකතු කරගන්නවා වගේ, ඒවා ගැන ලියවිල්ලක ලියාගන්නවා වගේ. එයාගේ වේදනාව යෙහෝවා දකිනවා, ඔහු ඒක අමතක කරන්නේ නැහැ කියලා දාවිත් දැනන් හිටියා. ඒ ප්‍රශ්න නිසා දාවිත්ට හැඟෙන විදිහ යෙහෝවා තේරුම්ගත්තා කියලත් එයාට ලොකු විශ්වාසයක් තිබුණා. w24.12 22 11-12¶
සැප්තැම්බර් 1, අඟහරුවාදා
“දෙවියන් ගැන ඔයාලට තියෙන විශ්වාසයට එකඟව ඔයාලා ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න.”—2 කොරි. 13:5.
අපි හැමෝටම ඕනෙ අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න. ඒකට අපි මහන්සි වෙන්න ඕනේ. දිගටම ඒ තත්වේ ඉන්නත් මහන්සි වෙන්න ඕනේ. ‘මං දැනටමත් අවබෝධයෙන් වැඩ කරනවා. ඉතිං මට දියුණු වෙන්න දෙයක් නෑ’ කියලා අපි ගැනම ඕනෑවට වඩා විශ්වාසය තියන්න හොඳ නැහැ. (1 කොරි. 10:12) ඒ වෙනුවට අපි දිගටම දියුණු වෙනවාද කියලා හොඳට “සෝදිසි කරලා බලන්න” ඕනේ. අවබෝධයෙන් වැඩ කරන එකේ වැදගත්කම පාවුල් කොලොස්සිවරුන්ට කාවැද්දුවා. එයාලා ඒ වෙද්දීත් අවබෝධයෙන් වැඩ කළත් පාවුල් එයාලට කිව්වා පරෙස්සම් නොවුණොත් එයාලා ලෝකේ අයගේ අදහස්වලට අහු වෙයි කියලා. (කොලො. 2:6-10) එයාලව හොඳටම දැනන් හිටපු කෙනෙක් තමයි එපෆ්‍රස්. එයා යෙහෝවාගෙන් ඉල්ලුවා “අවසානය දක්වා අවබෝධයෙන් ක්‍රියා කරන අය වෙන්න” ඒ සහෝදරයන්ට උදව් කරන්න කියලා. (කොලො. 4:12) පාවුල් වගේම එපෆ්‍රසුත් තේරුම්ගත්තා දිගටම අවබෝධයෙන් වැඩ කරන්න නම් දෙවියන්ගේ උදව්වත් ඕනෙ, ඒකට ඒ සහෝදරයොත් මහන්සි වෙන්න ඕනෙ කියලා. එයාලට ඕන වුණේ කොලොස්සියේ සහෝදරයන් දිගටම අවබෝධයෙන් වැඩ කරනවා දකින්නයි. w24.04 6-7 16-17¶