37වෙනි පරිච්ඡේදය
බව්තීස්ම වෙන එක වැදගත්ද?
හරිද වැරදිද කියලා ලකුණු කරන්න.
බව්තීස්මය කියන්නේ ක්‍රිස්තියානීන් ගන්න ඕන වැදගත් පියවරක්.
□ හරි
□ වැරදියි
වැරදි කරන එකෙන් වැළකිලා ඉන්න නම් බව්තීස්ම වෙන්න ඕනේ.
□ හරි
□ වැරදියි
ගැලවීම ලබන්න බව්තීස්මය වැදගත්.
□ හරි
□ වැරදියි
බව්තීස්ම වෙලා නැත්නම් ඔයා කරන කියන දේවල් ගැන දෙවිට ගණන් දෙන්න ඕනේ නැහැ.
□ හරි
□ වැරදියි
ඔයාගේ යාළුවෝ බව්තීස්ම වෙනවා නම් ඔයාටත් බව්තීස්ම වෙන්න කාලේ හරි.
□ හරි
□ වැරදියි
ඔයා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවාද? දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පියවර අරන් තියෙනවාද? බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අනිත් අයටත් කියලා දෙනවාද? ඒ ප්‍රශ්නවලට ඔයා දෙන උත්තරේ ‘ඔව්’ නම් බව්තීස්ම වෙන එක ගැන හිතලා බලන්න ඔයාට හොඳ හේතු තියෙනවා. හැබැයි කෙනෙක් බව්තීස්ම වෙන්නේ ඇයි කියන එක ඔයා තේරුම් අරගෙනද ඉන්නේ? හරිද වැරදිද කියලා ලකුණු කරන්න තිබුණු අදහස් පහ ගැන සලකලා බැලුවට පස්සේ ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි.
● බව්තීස්මය කියන්නේ ක්‍රිස්තියානීන් ගන්න ඕන වැදගත් පියවරක්.
හරි. පොළොවේ ඉද්දී යේසුස් බව්තීස්ම වුණා. ඔහුගේ අනුගාමිකයන්ටත් බව්තීස්ම වෙන්න කියලා යේසුස් කිව්වා. (මතෙව් 28:19, 20) ඔයාත් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කැමති නම් බව්තීස්ම වෙන්න ඕනේ. හැබැයි ඔයා ඒ පියවර ගන්න ඕනේ කවුරුත් කියන නිසා නෙමෙයි, කැමැත්තෙන්මයි.
● වැරදි කරන එකෙන් වැළකිලා ඉන්න නම් බව්තීස්ම වෙන්න ඕනේ.
වැරදියි. කෙනෙක් බව්තීස්ම වුණාට වැරදි ආසාවන් නැති වෙන්නේ නැහැ. ඒ නිසා බව්තීස්ම වුණා කියලා කෙනෙක් ඉබේටම වැරදි දේවලින් ආරක්ෂා වෙනවා කියලා කියන්න බැහැ. බව්තීස්මය කියන්නේ කෙනෙක් යෙහෝවා දෙවි කැමති විදිහට ජීවත් වෙන්න පොරොන්දු වෙලා ඉන්නවා කියන එක ප්‍රසිද්ධියේ පෙන්නන එකටයි. ඒ වගේ පොරොන්දුවක් ඔයා වෙන්න ඕනේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔයා අවංකවම කැමති නම් විතරයි.
● ගැලවීම ලබන්න බව්තීස්මය වැදගත්.
හරි. ගැලවීම ලබාගන්න බව්තීස්මය වැදගත් පියවරක් කියලා බයිබලයේ කියනවා. (1 පේතෘස් 3:21) හැබැයි බව්තීස්මය කියන්නේ ගැලවීම ලබනවා කියන එකට සහතිකයක් නෙමෙයි. ඔයා බව්තීස්ම වෙන්න ඕනේ ගැලවීම ලබන්න තියෙන ආසාව නිසා නෙමෙයි, යෙහෝවා දෙවිට තියෙන ආදරේ නිසයි. හැමදාටම දෙවිට සේවය කරන්න ඔයා කැමති නිසයි.—මාක් 12:29, 30.
● බව්තීස්ම වෙලා නැත්නම් ඔයා කරන කියන දේවල් ගැන දෙවිට ගණන් දෙන්න ඕනේ නැහැ.
වැරදියි. කෙනෙක් බව්තීස්ම වෙලා හිටියත් නැතත් ‘හරි දේ කිරීමට දැනගෙනත් ඒ දේ කරන්නේ නැත්නම් ඔහු කරන්නේ පාපයක්’ කියලා බයිබලයේ කියනවා. (යාකොබ් 4:17) හරි දේ මොකද්ද කියලා ඔයා දැනටමත් දන්නවාද? ජීවිතේ ගැන වැදගත් තීරණයක් ගන්න ඔයාට පුළුවන් කියලා හිතනවාද? එහෙමනම් දෙමාපියන් එක්ක හරි සභාවේ ඉන්න වැඩිහිටි කෙනෙක් එක්ක හරි කතා කරන්න. බව්තීස්ම වෙන්න කලින් ඔයාගේ පැත්තෙන් ඔයා කරන්න ඕන දේවල් ගැන එයාලා ඔයාට කියලා දෙයි.
● ඔයාගේ යාළුවෝ බව්තීස්ම වෙනවා නම් ඔයාටත් බව්තීස්ම වෙන්න කාලේ හරි.
වැරදියි. බව්තීස්ම වෙන එක ඔයාම කැමැත්තෙන් ගන්න ඕන තීරණයක්. (ගීතාවලිය 110:3) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ජීවත් වෙන එක කොච්චර ලොකු වගකීමක්ද කියලා තේරුම් අරගෙන ඒ වගකීම ඉටු කරන්න ඔයා සූදානම් කියලා හිතනවා නම් විතරයි ඔයා බව්තීස්ම වෙන්න තීරණය කරන්න ඕනේ.—දේශනාකාරයා 5:4, 5.
ජීවිතේ වෙනස් කරන තීරණයක්
බව්තීස්ම වෙන එක බැරෑරුම් වගකීමක්. මොකද ඔයා යෙහෝවා දෙවිට වුණු පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න බැඳිලා ඉන්නවා. හැබැයි බව්තීස්ම වෙන්නේ නැතුව ඉන්න ඒක හේතුවක් කරගන්න එපා. යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් බව්තීස්ම වෙන එක වැදගත් පියවරක්.
යෙහෝවා දෙවිට ඔයාගේ ජීවිතේ කැප කරලා දෙවිට සේවය කරන්න ඔයාට ආසාවක් තියෙනවා නම් ඔයාට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද යෙහෝවා දෙවි කැමති විදිහට ජීවත් වෙලා දෙවිට සේවය කරන එක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට කරන්න පුළුවන් වටිනාම දේ.—මතෙව් 22:36, 37.
අනාගතේදී ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් පැහැදිලිව හිතේ තියාගන්න එක කොච්චර වැදගත්ද?
බයිබල් උපදෙස
‘ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත.’—රෝම 12:1.
යෝජනාවක්
බව්තීස්ම වෙන්න ඉස්සෙල්ලා ඔයාගේ පැත්තෙන් තව හදාගන්න ඕන දේවල් පෙන්නලා දීලා, ඒවා හදාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක්ව සභාවෙන් තෝරගන්න. ඒ ගැන දෙමාපියන්ගෙනුත් අහලා බලන්න.—ක්‍රියා 16:1-3.
මේක දැනගෙන හිටියාද?
කෙනෙක් බව්තීස්ම වෙද්දී ගැලවීම ලබන්න සුදුසුයි කියන ‘ලකුණ’ එයාට ලැබෙනවා.—එසකියෙල් 9:4-6.
ඔයාට වැඩක්!
බව්තීස්ම වෙන්න ඉස්සෙල්ලා බයිබලයේ තියෙන මේ මේ දේවල් ගැන මගේ අවබෝධය මං තව වැඩි කරගන්නවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● බව්තීස්ම වෙන එක බැරෑරුම් තීරණයක් කියලා කියන්නේ ඇයි?
● යෞවන කෙනෙක් බව්තීස්ම වෙන්න හදිස්සි වෙන්න පුළුවන් මොන හේතු නිසාද?
● යෞවනයෙක් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන එක කල් දාන්න පෙලඹෙන්න පුළුවන් මොන හේතු නිසාද?
[306වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘බව්තීස්ම වෙද්දී මං දෙවිට වුණු පොරොන්දුව නිතරම මතකේ තියාගත්ත නිසා හොඳ තීරණ ගන්නත් අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙන්නේ නැතුව ඉන්නත් මට පුළුවන් වුණා.’’—හෝලී
[307වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බව්තීස්මය ගැන දැනගන්න ඕන දේවල්
බව්තීස්ම වෙන එකේ අර්ථය මොකද්ද? බව්තීස්ම වෙද්දී කෙනෙක්ව වතුරේ ගිල්ලවලා උඩට ගන්න එකෙන් අදහස් වෙන්නේ එයාගේ ආසාවන් ඉටු කරගන්න එයා මෙච්චර කල් ගත කරපු ජීවිතේ අත්හැරලා, දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන අලුත් ජීවිතයක් දැන් එයා පටන්ගන්නවා කියලයි.
ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක් එයාගේ අවශ්‍යතාවලට වඩා දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා ජීවත් වෙන්න පොරොන්දු වෙන එකයි. (මතෙව් 16:24) ඒ පොරොන්දුව වෙන්නේ බව්තීස්ම වෙන්න කලින් දෙවිට කරන විශේෂ යාච්ඤාවකින්.
බව්තීස්ම වෙන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ මොනවාද? බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න ඕනේ. ඒ දේවල් ගැන අනිත් අයට කියලා දෙන්නත් ඕනේ. ඒ වගේම බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරන්න, යාච්ඤා කරන්න කාලේ ගන්න එකත් හරිම වැදගත්. එතකොට තමයි යෙහෝවා දෙවිව කිට්ටු මිතුරෙක් කරගන්න එයාට පුළුවන් වෙන්නේ. කෙනෙක් දෙවිට නමස්කාර කරන්න පියවර ගන්න ඕනේ අනිත් අය කියන නිසා නෙමෙයි, එයාගෙම කැමැත්තෙන්.
බව්තීස්ම වෙන්න හරි වයසක් තියෙනවාද? බව්තීස්ම වෙන්න වයස වැදගත් නැහැ. හැබැයි කෙනෙක් බව්තීස්ම වෙන්න ඕනේ දෙවිට ජීවිතේ කැප කරනවා කියන එක කොච්චර බැරෑරුම් දෙයක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වයසකට ආවට පස්සෙයි.
බව්තීස්ම වෙන්න ආස වුණාට දෙමාපියන් කියනවා නම් තව ටිකක් ඉන්න කියලා මොකද කරන්නේ? දෙමාපියන් එහෙම කියනවා ඇත්තේ බයිබලයේ කියලා තියෙන දේවල් තව හොඳට තේරුම් අරගෙන ඒවා ජීවිතේට අදාළ කරගන්නවා දකින්න එයාලා කැමති නිසා වෙන්න පුළුවන්. ඒ නිසා දෙමාපියන් කියන දේ අහන්න. යෙහෝවා දෙවිට තව ළං වෙන්න ඒ කාලේ පාවිච්චි කරන්න.—1 සාමුවෙල් 2:26.
[308, 309වන පිටුවේ කොටුව]
ඔබේ සටහන්
බව්තීස්ම වෙන්න ඔයාත් ආසයිද?
බව්තීස්ම වෙන්න ඔයාට සුදුසුකම් තියෙනවාද කියලා දැනගන්න පහළ තියෙන ප්‍රශ්න කියවලා ඒවාට උත්තර ලියන්න. උත්තර ලියන්න කලින් දීලා තියෙන බයිබල් පද කියවන්න අමතක කරන්න එපා.
ඔයා කරන මොන දේවලින්ද ඔයාට යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා පේන්නේ?—ගීතාවලිය 71:5. ․․․․․
හරි දේයි වැරදි දේයි අතර වෙනස ඔයාට පැහැදිලිව අඳුනගන්න පුළුවන් කියලා ඔයා පෙන්නලා තියෙන්නේ කොහොමද?—හෙබ්‍රෙව් 5:14. ․․․․․
ඔයා දවසට කී සැරයක් යාච්ඤා කරනවාද? ․․․․․
ඔයා යාච්ඤා කරන්නේ මොන වගේ දේවල් ගැනද? ඔයා යෙහෝවා දෙවිට කොච්චර ආදරේද කියලා ඔයා යාච්ඤා කරන විදිහෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?—ගීතාවලිය 17:6. ․․․․․
යෙහෝවා දෙවිට තව හොඳට යාච්ඤා කරන්න ඔයාගේ පැත්තෙන් ඔයා තව කරන්න ඕනේ දේවල් මොනවාද? ․․․․․
ඔයා නිතිපතා බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරනවාද?—යොෂුවා 1:8. ․․․․․
බයිබලයේ තියෙන තොරතුරු තව ගැඹුරෙන් ඉගෙනගෙන ඒවා තේරුම්ගන්න ඔයා කරන්නේ මොන වගේ දේවල්ද? ․․․․․
බයිබලයේ තියෙන දේවල් තව හොඳට තේරුම්ගන්න ඔයා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ․․․․․
ඔයා දේවසේවය හොඳට කරනවාද? (උදාහරණයකට බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් තව කෙනෙක්ට කියලා දෙන්න ඔයාට පුළුවන්ද? කවුරු හරි කෙනෙක් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමැත්තක් පෙන්නුවොත් ඔයා ආපහු එයාව බලන්න යනවාද? බයිබල් පාඩමක් පටන්ගන්න ඔයා උත්සාහ කරනවාද?)
□ ඔව් □ නැහැ
ඔයාගේ දෙමාපියන් දේවසේවේ ගියේ නැතත් ඔයා යනවාද?—ක්‍රියා 5:42.
□ ඔව් □ නැහැ
දේවසේවය තව හොඳට කරන්න ඔයා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?—2 තිමෝති 2:15. ․․․․․
ඔයා රැස්වීම්වලට නිතිපතා සහභාගි වෙනවා කියලා කියන්න පුළුවන්ද?—හෙබ්‍රෙව් 10:25. ․․․․․
ඔයා රැස්වීම්වලට සහභාගි වෙන්නේ කොහොමද? ․․․․․
තනියම යන්න ඔයාට අවසර තියෙනවා නම් දෙමාපියන්ට රැස්වීම් යන්න බැරි දවස්වල ඔයා තනියෙන් හරි යනවාද?
□ ඔව් □ නැහැ
දෙවි කැමති විදිහට ජීවත් වෙන්න ඔයාට අවංක ආසාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?—ගීතාවලිය 40:8.
□ඔව් □ නැහැ
ඔයාගේ වයසේ අනිත් ළමයිගෙන් ආපු නරක බලපෑම්වලට ඔයා අහු වෙන්නේ නැතුව හිටපු අවස්ථා ලියන්න.—රෝම 12:2. ․․․․․
යෙහෝවා දෙවිට තියෙන ආදරේ හැමදාටම ශක්තිමත්ව තියාගන්න ඔයා කරන්න හිතාගෙන ඉන්නේ මොනවාද?—යූද් 20, 21. ․․․․․
ඔයාගේ දෙමාපියන් නැත්නම් යාළුවෝ යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කළත් ඔයා දිගටම දෙවිට සේවය කරනවාද?—මතෙව් 10:36, 37.
□ ඔව් □ නැහැ
[310වන පිටුවේ පින්තූරය]
බව්තීස්මය කියන්නේ විවාහය වගේ හොඳට හිතලා බලලා ගන්න ඕන බැරෑරුම් තීරණයක්