2 ලේකම්
3 සලමොන් රජ යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු ආරම්භ කළේය.+ ඔහුගේ පියා වූ දාවිත්ට යෙහෝවා දෙවි දර්ශනය වූයේ එම ස්ථානයේදීය.+ එම ඉඩම දාවිත් රජු යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගෙන් මිල දී ගෙන තිබිණ.+ 2 සලමොන් රජු ගෘහය ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කළේ තම පාලන සමයේ හතරවන අවුරුද්දේ දෙවන මාසයේ දෙවනදාය.+ 3 දෙවිගේ ගෘහය ඉදි කිරීමට සලමොන් රජු අත්තිවාරම දැමුවේ මෙලෙසය. එහි මිනුම් සඳහා අතීතයේ පාවිච්චි කළ රියන් මිනුම භාවිත කරන ලදි. ඒ අනුව එහි දිග රියන්* හැටක් වූ අතර පළල රියන් විස්සකි.+ 4 ගෘහයේ ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබෙන ප්රවේශ ශාලාවේ+ පළල රියන් විස්සක් විය. එහි පළල ගෘහයේ පළලට සමාන විය. එහි උස රියන් එකසිය විස්සකි. ඔහු එහි ඇතුළත බිත්ති පවිත්ර රනින් ආවරණය කළේය. 5 ඔහු ඒ ගෘහය+ සම්පූර්ණයෙන්ම ජුනිපර් ලීයෙන් සාදා පවිත්ර රනින් ආවරණය කළේය.+ ඉන්පසු ඒ මත තාල වර්ගයේ ගස්වල රූප කැටයම් කළ+ අතර රන් දම්වැල්ද සවි කරන ලදි.+ 6 මීට අමතරව ඒ ගෘහය තවත් අලංකාරවත් කිරීමට රන් ආලේප කළ බිත්ති මත ඔහු වටිනා මැණික් ගල් එබ්බෙව්වේය.+ ඔහු මෙම කාර්යයන් සඳහා භාවිත කළේ රත්තරන්වලට ප්රසිද්ධියක් ඉසිලූ රටකින් ගෙනා රන්ය.+ 7 ඔහු මුළු ගෘහයම එනම්, එහි පරාලද එහි ශාලාද බිත්තිද දොරටුද රනින් ආවරණය කළේය.+ එම බිත්ති මත කෙරුබ්වරුන්ගේ රූපද කැටයම් කරන ලදි.+
8 ඊළඟට ඔහු සෑදුවේ අතිශුද්ධස්ථානයයි.+ එහි දිග රියන් විස්සකි. පළලද රියන් විස්සකි.+ ඔහු තලෙන්ත හයසියයක් වටිනා පවිත්ර රනින් එය සම්පූර්ණයෙන්ම ආවරණය කළේය. 9 භාවිත කළ ඇණවල බර+ රන් ෂෙකෙල් පනහකි. ඔහු උඩුමහලේ පිහිටි කුටිද රනින් ආවරණය කළේය.
10 ඔහු අතිශුද්ධස්ථානයේ තැබීමට කෙරුබ්වරුන් දෙදෙනෙකුගේ රූප සාදා+ ඒවා සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ 11 විහිදුවා තිබූ එම කෙරුබ්වරුන්ගේ එක පියාපතක දිග රියන් පහකි. පියාපත්වල එක් කෙළවරක් අතිශුද්ධස්ථානයේ බිත්ති ස්පර්ශ කළේය. අනික් කෙළවර අනික් කෙරුබ්වරයාගේ පියාපත ස්පර්ශ කළේය.+ පියාපත්+ හතරේම දිග රියන් විස්සකි. 12 මෙසේ රියන් පහකින් යුත් එක් පියාපතක් බිත්තියේ ස්පර්ශ වන ලෙසද රියන් පහකින් යුත් අනික් පියාපත අනික් කෙරුබ්වරයාගේ පියාපත ස්පර්ශ වන ලෙසද+ එම කෙරුබ්වරුන් දෙදෙනාව තබන ලදි. 13 ඒ පියාපත් හතර එලෙස විහිදුවා තැබූ විට ඒ හතරේම දිග රියන් විස්සකි. කෙරුබ්වරුන් කෙළින් සිටගෙන සිටි අතර ඔවුන්ගේ මුහුණු ශුද්ධස්ථානය දෙසට යොමු වී තිබිණ.
14 ඔහු නිල් පැහැති+ හා තද රතු පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද සිහින් රෙදිද යොදා තිර රෙදි+ සෑදූ අතර ඒවා මත කෙරුබ්වරුන්ගේ රූප මැසුවේය.+
15 ඉන් අනතුරුව ඔහු ගෘහය ඉදිරිපිට තැබීමට රියන් තිස්පහක් බැගින් උස කුලුනු දෙකක් සෑදීය.+ ඒ කුලුනු දෙක මුදුනේ තිබූ කොටසේ+ උස රියන් පහකි. 16 ඉන්පසු ඔහු දම්වැල් සාදා+ ඒවා එම කුලුනුවල මුදුනේ තිබූ කොටස වටා සවි කළේය. එම දම්වැල්වල තඹවලින් සෑදූ දෙළුම් ගෙඩි සියයක්+ සවි කළේය. 17 ඔහු මෙම කුලුනු දෙක තැබුවේ දේවමාලිගාව ඉදිරිපිටය. ඔහු එකක් දකුණු පසින්ද අනික වම් පසින්ද තැබුවේය. ඔහු දකුණු පසින් පිහිටි කුලුනට යාකින් කියාද වම්පසින් පිහිටි කුලුනට බෝවස් කියාද නම් තැබුවේය.+