2 ලේකම්
2 සලමොන් රජ, යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස+ ගෘහයක් ගොඩනැඟීමටත්+ තමා වෙනුවෙන් රජමාලිගාවක්+ ඉදි කිරීමටත් අණ කළේය. 2 ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට පුරුෂයන් හැත්තෑදහසක් හා කඳුවලට ගොස් ගල් කැඩීමට පුරුෂයන් අසූදහසක් සලමොන් රජ තෝරාගත් අතර+ ඔවුන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා තුන්දහස් හයසියදෙනෙකුව පත් කළේය.+ 3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+ 4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීමේ අරමුණින්+ ගෘහයක් ගොඩනඟමින් සිටිනවා.+ එම ගෘහය දෙවිට කරන නමස්කාරය වෙනුවෙන්ම වෙන් කරනු ලබනවා.+ එමෙන්ම දෙවි ඉදිරියේ නිරතුරුවම සුවඳ ද්‍රව්‍ය දැවීමටත්+ රොටි ඔප්පු කිරීමටත්+ උදේ සවස+ හා සබත් දවස්වලදීද+ නව සඳ පායන දවස්වලදී+ හා අපගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් උත්සව පවත්වන දවස්වලදීද+ එහි දවන පූජා ඔප්පු කිරීමටත් අපිට හැකි වෙනවා. එමගින් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ සදහටම ඉටු කිරීමට අපිට හැකි වෙනවා.+ 5 අපේ දෙවි වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා+ මා ඉදි කරන මේ ගෘහයත් ශ්‍රේෂ්ඨයි.+ 6 ඇත්තටම දෙවිට ගෘහයක් ගොඩනඟන්න පුළුවන් කාටද?+ මුළු මහත් ස්වර්ගයටවත් ඔහුගේ තේජස දරාගත නොහැකියි.+ එසේනම් ඔහුට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්න මා සුදුස්සෙක්ද?+ අප මේ ගෘහය ගොඩනඟන්නේ ඔහුට පූජා ඔප්පු කිරීමටයි.+ 7 එහෙයින් රන්, රිදී, තඹ සහ යකඩ වැඩ කිරීමට දක්ෂ,+ එමෙන්ම රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්, තද රතු පැහැති හා නිල් පැහැති නූල්වලින් මැහුම් වැඩ කිරීමට දක්ෂ කෙනෙකුව මා වෙතට එවන්න. ඔහු කැටයම් කිරීමටත් දක්ෂයෙකු විය යුතුයි. එවිට මා යටතේ යූදාහි හා යෙරුසලමෙහි දැන් සේවය කරමින් සිටින දක්ෂ වැඩකරුවන් සමඟ එකතු වී ඔහුට වැඩ කළ හැකියි. එම වැඩකරුවන් මගේ පියා වූ දාවිත් විසින් පත් කළ අයයි.+ 8 මීට අමතරව මට ලෙබනොන් දේශයෙන්+ දේවදාර ලී,+ ජුනිපර් ලී+ සහ හඳුන් ලීද+ එවන්න. ඔබේ සේවකයන් ලෙබනොන් දේශයේ වැවෙන ගස් කැපීමට දක්ෂයන් බව මම හොඳින් දන්නවා.+ (මගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ වැඩ කිරීමට සූදානමින් සිටිනවා.) 9 මා ගොඩනඟන මේ ගෘහය ඉතාමත් අලංකාර, ශ්‍රේෂ්ඨ ගෘහයක්. එහෙයින් ඒ සඳහා විශාල දැව ප්‍රමාණයක් මා සූදානම් කළ යුතුයි. 10 ඔබ මා වෙතට එවන ඔබේ සේවකයන්ට අවශ්‍ය ආහාර මම සපයන්නම්. ගස් කපන්නන් හා දැව අදින්නන් වෙනුවෙන් තිරිඟු කෝර් ඒකක* විසිදහසක්ද+ බාර්ලි කෝර් ඒකක විසිදහසක්ද වයින්+ බාත් ඒකක* විසිදහසක්ද තෙල් බාත් ඒකක විසිදහසක්ද දැනටමත් මම වෙන් කර තිබෙනවා.”
11 ඊට පිළිතුරක් ලෙස තීර්හි රජු වූ හීරාම්+ සලමොන් රජුට ලිපියක් මාර්ගයෙන් මෙසේ දැන්වූවේය. “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ කෙරෙහි ඔබව රජු ලෙස පත් කර තිබෙන්නේ+ ඔහු තම සෙනඟට ප්‍රේම කරන නිසයි.+ 12 අහසත් පොළොවත් නිර්මාණය කළ+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඔහු දාවිත් රජුට ඉතා නැණවත් පුත්‍රයෙකු දී ඇත. ඔහු ඉතා බුද්ධිමත් කෙනෙකි. ඔහු අවබෝධයෙන් ක්‍රියා කරන්නේය.+ ඔහු යෙහෝවා දෙවිට ගෘහයක්ද තමා වෙනුවෙන් රජමාලිගාවක්ද ගොඩනඟන්නේය.+ 13 ඔබ ඉල්ලූ පරිදි දැනුම් තේරුම් ඇති, අතිදක්ෂ පුරුෂයෙකුව මම ඔබ වෙතට එවන්නෙමි. ඔහු හීරාම්-ආබිය.+ 14 ඔහුගේ මව දාන් ගෝත්‍රයට අයත් ස්ත්‍රියකි. ඔහුගේ පියා තීර්හි වැසියෙකි. ඔහු රන්, රිදී, තඹ,+ යකඩ, ගල්+ හා ලී යනාදියෙන් වැඩ කිරීමට අතිදක්ෂයෙකි. රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්ද+ තද රතු පැහැති+ හා නිල් පැහැති+ නූල්වලින්ද සිහින් රෙදිවලින්ද+ මැහුම් වැඩ කිරීමට මනා හැකියාවක් ඔහු සතුය. කැටයම් වැඩවලටද ඔහු ඉතා දක්ෂය.+ ඔහු නිර්මාණශීලීය.+ ඔහුට පවරන ඕනෑම දෙයක් සෑදීමට ඔහුට හැකියාව තිබේ. ඔබ යටතේ සේවය කරන දක්ෂ පුරුෂයන් සමඟත් මගේ ස්වාමියාද ඔබේ පියාද වූ දාවිත් රජු පත් කළ දක්ෂ පුරුෂයන් සමඟත් වැඩ කිරීමට ඔහු සූදානම්ය. 15 ඔබ පොරොන්දු වූ පරිදි තිරිඟු, බාර්ලි, තෙල් සහ වයින් මා එවන සේවකයන්ට දෙන මෙන් ඉල්ලමි.+ 16 අපි ඔබේ අවශ්‍යතාව පරිදි+ ලෙබනොන් දේශයෙන් ගස් කපා,+ එම ලී කොටං එකට ගැටගසා ඒවා මුහුදේ පා කර+ යොප්පාවට+ එවන්නෙමු. ඉන්පසු ඒවා එතැන් සිට යෙරුසලමට ගෙන යෑමට ඔබට හැකිය.”
17 සලමොන් රජ ඊශ්‍රායෙල් දේශයේ වාසය කළ+ විදේශිකයන්ගේ සංඛ්‍යා ලේඛනයක් ගත්තේය. මෙය ඔහුගේ පියා වූ දාවිත් ගත් සංඛ්‍යා ලේඛනයට පසුව සිදු වූවකි.+ ඔවුන්ගේ ගණන එක්ලක්ෂ පනස්තුන්දහස් හයසියයකි. 18 සලමොන් රජ ඔවුන්ගෙන් හැත්තෑදහස්දෙනෙකු භාණ්ඩ අදින්නන්+ ලෙසත් අසූදහස්දෙනෙකු කඳුවල ගල් කඩන අය ලෙසත්+ පත් කළේය. එමෙන්ම ඔවුන් කළ වැඩ අධීක්ෂණය කිරීමට තුන්දහස් හයසියදෙනෙකුවද පත් කළේය.+