දාවිත් රචනා කළ ගීතයකි.
108 දෙවියනි, මාගේ සිත ස්ථිරව තිබේ.+
මම ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
මා තුළ තිබෙන පවිත්‍ර සිතුවිලිවලින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
2 තත් භාණ්ඩත් වීණාත්, අවදි වන්න.+
මමද හිමිදිරියේ පිබිදෙන්නෙමි.+
3 යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+
4 මන්ද ඔබ පෙන්වන අතිමහත් ප්‍රේමය ස්වර්ගය දක්වාම නැඟ තිබේ.+
ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී තිබේ.+
5 දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා!+
ඔබේ තේජස පොළොව පුරාම පැතිරේවා!+
6 දෙවියනි, ඔබට ප්‍රේම කරන අයව ගලවාගන්න.+
මට සවන් දී ඔබේ දකුණතින් මාව බේරාගන්න.+
7 ශුද්ධ දෙවි මෙසේ කීවේය.+
“මම කැමති කෙනෙකුට ෂීකෙම් නුවර+ උරුමයක් ලෙස දෙන්නෙමි.+
මහත් ප්‍රීතියකින් සුක්කොත් තැනිතලාව+ බෙදා වෙන් කර දෙන්නෙමි.
8 මනස්සේ+ හා ගිලියද්+ මට අයිතිය.
එෆ්‍රායිම් මා පත් කළ ප්‍රධානියාගේ බලකොටුවය.+
යූදා මාගේ රාජ යෂ්ටියය.+
9 මා අත් පා සෝදාගන්නා භාජනය+ මෝවබ්ය.+
මම ඒදොම්+ වෙතට මාගේ පාවහන් ගලවා වීසි කරන්නෙමි.+
පිලිස්තියාව+ පරදවා මම ජය නාද නඟන්නෙමි.”+
10 පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරට මාව ගෙන යන්නේ කවුද?+
ඒදොම් වෙතට යෑමට මට මඟ පෙන්වන්නේ කවුද?+
11 දෙවියනි, එසේ කරන්නේ ඔබ නොවේද?+
නමුත් දෙවියනි, තවමත් ඔබ අපව අත්හැර දමා ඇත. ඔබ අපේ හමුදාවේ උපකාරයට පැමිණියේ නැත.+
12 දෙවියනි, අපේ විපත්තියේදී අපට උපකාර කරන්න.+
මන්ද ගැලවීම ලබාගැනීමට මිනිසා මත විශ්වාසය තැබීම නිෂ්ඵලය.+
13 අපිට අවශ්‍ය ශක්තිය අපි ඔබගෙන් ලබන්නෙමු.+
ඔබ අපේ සතුරන්ව පාගා දමන බව ස්ථිරය.+