ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි.
138 මාගේ මුළු හදින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
වෙනත් දෙවිවරුන් ඉදිරියේ මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+
2 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* නිසාත්+ ඔබේ විශ්වාසවන්තකම නිසාත්+
මම ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.+
ඔබේ ශුද්ධ මාලිගාව දෙසට හැරී වැඳ වැටෙන්නෙමි.+
ඔබේ නාමයෙන් ඔබ දෙන පොරොන්දු මොන තරම් ශ්‍රේෂ්ඨද!+ නමුත් ඒ පොරොන්දුවල ඉටු වීම ඊටත් වඩා ශ්‍රේෂ්ඨය.+ එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.
3 මා ඔබට කන්නලව් කළ දවසේම ඔබ මට පිළිතුරු දුන්නෙහිය.+
නිර්භීතව ක්‍රියා කිරීමට ඔබ මට ශක්තිය දුන්නෙහිය.+
6 යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය.+
එහෙත් උඩඟු තැනැත්තා සමඟ ඔහුට කිසි මිත්‍රත්වයක් නැත.+