ගීතාවලිය 93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ 2 ඔබේ සිංහාසනය පුරාණයේ සිට ස්ථිරව පිහිටුවා ඇත.+අනාදිමත් කාලයක සිට පැවතෙන ඔබ සදාතනිකය.+ 3 යෙහෝවා දෙවියනි, ගංගාවෝ මහත් හඬක් නැඟුවෝය.දිගින් දිගටම ඝෝෂා කළෝය.+එසේය, මහත් හඬකින් ඝෝෂා නැඟුවෝය.+ 4 විශාල ජල දහරාවන්ගෙන් නැඟෙන ශබ්දයටත් සයුරේ මහා රැළිවලටත් වඩා+යෙහෝවා දෙවි තේජවත්ය.+ එසේය, ඔහු ඒ සියල්ලට වඩා බලවත්ය. 5 යෙහෝවා දෙවියනි, ඔබේ සිහිගැන්වීම් විශ්වාසවන්තය.+සදහටම+ ඔබේ ගෘහය ශුද්ධව තිබීම සුදුසුය.+