යෙසායා
31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+ 2 නමුත් දෙවි ඔවුන්ට වඩා ප්‍රඥාවන්තය.+ ඔහුට ඕනෑම දෙයක් විනාශ කළ හැකි බවත්+ යම් දෙයක් පැවසුවොත් එය එලෙසින්ම ඉටු කරන බවත්+ මතක තබාගන්න. ඔහු දුෂ්ටකම් කරන අයට විරුද්ධවත්+ අනුන්ට හිරිහැර කරන අයට විරුද්ධවත් නැඟී සිටින්නේය.+
3 ඊජිප්තුවරුන් නිකම්ම නිකම් මනුෂ්‍යයන් පමණයි.+ ඔවුන්ව දෙවිට සමාන කළ නොහැකියි. ඔවුන්ගේ අශ්වයන් ස්වර්ගයෙන් බැස ආ දූතයන් නොව ඇට මස් සහිත සතුන් පමණයි.+ යෙහෝවා දෙවි තම අත දිගු කර පහර දෙන්නේය. එවිට උපකාර දෙන තැනැත්තාද උපකාර පතන තැනැත්තාද එකට වැටී විනාශ වී යන්නෝය.+
4 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “තරුණ කේශර සිංහයෙක්+ ගොදුරක් අල්ලාගත් පසු ගර්ජනා කරමින් එය රැකගන්නේය. එඬේරුන් බොහෝදෙනෙකු ඌ ළඟට ගොස් මොන තරම් කලබල කර කෑගැසුවත් ඌ ඔවුන්ට භය නොවෙයි. ස්වර්ගයේ සේනාවල අධිපති හා යෙහෝවා දෙවි වන මමත් සියොන් කන්ද වෙනුවෙන්ද එහි නුවර වෙනුවෙන්ද සටන් කරන්නේ ඒ ආකාරයටමය.+ 5 කුරුල්ලෙකු තම පැටවුන් ළඟ පියාසර කරමින් උන්ව ආරක්ෂා කරන්නාක් මෙන් ස්වර්ගයේ සේනාවල අධිපතිද යෙහෝවා දෙවිද වන මම යෙරුසලම ආරක්ෂා කරන්නෙමි.+ මම එහි වැසියන්ව ආරක්ෂා කර ඔවුන්ව ගලවාගන්නෙමි.”+
6 “ඊශ්‍රායෙල්වරුනි, ඔබ මට විරුද්ධව බරපතළ ලෙස පව් කළහුය.+ දැන් පසුතැවී මා වෙතට හැරී එන්න.+ 7 එකල මට විරුද්ධව පව් කරමින්+ රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප ඔබ ඉවත දමන්නහුය.+ 8 ඇසිරියානු හමුදාව කඩුවෙන් මැරුම් කන්නෝය. නමුත් ඔවුන් මැරුම් කන්නේ මනුෂ්‍යයෙකුගේ කඩුවක් නිසා නොවෙයි.+ ඔවුහු ඒ කඩුව දැක බියෙන් පලා යති. ඔවුන්ගේ තරුණයන්වද වහලුන් ලෙස ඇදගෙන යනු ඇත. 9 ඔවුන් පර්වතයක් සේ සැලකූ තැනැත්තා තැතිගෙන පහව යයි. ඔවුන්ගේ පාලකයෝ කොඩිය+ දැක බියෙන් වෙවුලති.” එසේ පවසන්නේ, සියොන්හි ආලෝකය විහිදුවන, යෙරුසලමෙහි ගිනිඋදුනක්+ ඇවුළූ යෙහෝවා දෙවිය.