හොෂෙයා
12 “එෆ්‍රායිම් සුළං රොදක් කෙරෙහි බලාපොරොත්තු තබා ඇත.+ දවස මුළුල්ලේ ඔවුහු පෙරදිග සුළඟ පසුපස හඹා යති.+ බොරු කීම හා ප්රචණ්ඩ ක්‍රියා දේශය පුරා පැතිර තිබේ.+ ඔවුහු ඇසිරියාව සමඟ ගිවිසුමක් ඇති කරගත්තෝය.+ ඊජිප්තුවට තෙල් යවන ලදි.
2 “යූදාට විරුද්ධව යෙහෝවා දෙවිට නඩුවක් තිබේ.+ යාකොබ් තමා කළ දේවල් ගැන දෙවිට ගණන් දිය යුතුයි.+ ඔහු කළ ක්‍රියාවලට දෙවි ඔහුට සුදුසු දඬුවම දෙයි.+ 3 යාකොබ් මව්කුසේ සිටියදීම තම සහෝදරයාගේ විලුඹ අල්ලාගත්තේය.+ පසුව ඔහු මුළු වැර යොදා දෙවි සමඟ පොරබැද්දේය.+ 4 ඔහු දේවදූතයෙකු සමඟ දිගටම පොරබැද අන්තිමේදී ජය ගත්තේය.+ ඔහු හඬමින් තමාට කරුණාව පෙන්වන ලෙසද කන්නලව් කළේය.”+
දෙවිට යාකොබ්ව සම්බ වූයේ බෙතෙල්හි සිටියදීය.+ එදා දෙවි කතා කළේ අප ගැනය.+ 5 යෙහෝවා දෙවි, ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ය.+ ඔහුව සිහි කරනු ලබන්නේ යෙහෝවා යන ඔහුගේ නාමයෙන්ය.+
6 “ප්‍රේමයෙන්* කටයුතු කර+ යුක්තිය ඉටු කරන්න.+ එසේ කරමින් නැවත ඔබේ දෙවි වෙතට හැරී එන්න.+ ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ දෙවි කෙරෙහි තබන්න.+ 7 වෙළෙඳුන්ගේ අතේ හොර තරාදි තිබේ.+ ඔවුන්ගේ එකම ආශාව වංචා කර ලාභ ඉපයීමය.+ 8 ‘මා දැන් පොහොසතෙකි.+ මම වටිනා දේවල් බොහොමයක් රැස් කරගෙන සිටිමි.+ මා අතින් බරපතළ වරදක් සිදු වී ඇතැයි කියා කිසිවෙකුට චෝදනා කළ නොහැක’ කියා එෆ්‍රායිම් පවසන්නේය.+
9 “‘ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් මේ දක්වාම මම ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ උත්සව දවස්වලදී කළාක් මෙන් මම නැවතත් ඔබට කූඩාරම්වල වාසය කරන්න සලස්වන්නෙමි. 10 මම අනාගතවක්තෘවරුන්ට කතා කර+ ඔවුන්ට බොහෝ දර්ශන පෙන්වූවෙමි. අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උපමා කියා දුන්නෙමි.’+
11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+ 12 යාකොබ් සිරියාවට පලා ගියේය.+ ඊශ්‍රායෙල්,+ බිරිඳක් වෙනුවෙන්+ බැටළු රැළවල් බලාගනිමින් වෙහෙස මහන්සි වී සේවය කළේය.+ 13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+ 14 නමුත් එෆ්‍රායිම් බොහෝ සෙයින් දෙවිව උදහස් කළේය.+ එෆ්‍රායිම් බොහෝ ලේ වගුරුවා ඇත. ඒ වරදින් ඔහු නිදහස් නොවන්නේය.+ ඔහු තම ශ්‍රේෂ්ඨ ස්වාමීන්ව නින්දාවට පත් කළ නිසා දෙවි ඔහුවද නින්දාවට පත් කරන්නේය.”+