හෙබ්‍රෙව්
4 තමා මෙන් විවේක ගැනීමේ අවස්ථාවක් ගැන දෙවි තම සෙනඟට පොරොන්දු වී ඇති නිසා+ එය ලැබීමට නුසුදුසු අය නොවීමට අපි වගබලා ගනිමු.+ 2 මන්ද අපගේ මුතුන්මිත්තන්ට මෙන්+ අපටද ශුභාරංචිය ප්‍රකාශ කර තිබේ.+ නමුත් පවසනු ලැබූ එම දේවලට ඔවුන් සවන් දුන්නත් ඔවුන් එයින් කිසි ප්‍රයෝජනයක් ලැබුවේ නැත.+ එසේ වූයේ එයට සවන් දී කීකරු වූ අයට+ සමාන විශ්වාසයක් ඔවුන්ට නොතිබූ නිසාය.+ 3 පොළොවේ දරුවන් බිහි වීමට කලින්*+ ඔහු තම වැඩකටයුතු නිම කර තිබුණත්,+ “‘මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක්+ ඔවුන්ට නොලැබෙන්නේය’+ කියා මම ඔවුන් ගැන උදහසින් දිවුරා කීවෙමි”+ කියා ඔහු පැවසුවේය. එසේවුවත් විශ්වාසයක් ඇතුව සිටින අපට දෙවි මෙන් විවේක ගැනීමට අවස්ථාව උදා වේ. 4 මන්ද ඔහු එක් පදයක හත්වෙනි දවස ගැන පවසා තිබෙන්නේ මෙයයි. “දෙවි හත්වෙනි දවසේ සිට තමන් කළ සියලු වැඩවලින් විවේක ගත්තේය.”+ 5 එමෙන්ම, “මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය”+ කියාද ඔහු නැවතත් පවසා ඇත.
6 ශුභාරංචිය මුලින්ම ඇසූ අය+ ඊට අකීකරු වූ නිසා ඔවුන්ට විවේක ගැනීමේ අවස්ථාව අහිමි විය.+ නමුත් විවේක ගැනීමේ අවස්ථාව සමහරුන් ඉදිරියේ තවමත් විවෘතව ඇත. ඇත්තෙන්ම, 7 ඊට දිගු කාලයකට පසු දාවිත් ලියූ ගීතිකාවක ඔහු, “අද” කියා පවසමින් නැවතත් එක්තරා දවසක් වෙන් කර දක්වයි. කලින් පැවසූ ලෙසම එහිදීත්, “අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුයි.+ එහෙයින් ඔබේ සිත් දැඩි කර නොගන්න”+ කියා සඳහන් වෙයි. 8 ඔවුන්ට විවේක ගැනීම සඳහා යොෂුවා+ යම් ස්ථානයක් වෙතට ඔවුන්ව ගෙන ගියා නම්+ දෙවි එහිදී වෙන දවසක් ගැන කතා කරන්නේ නැත.+ 9 ඒ අනුව සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත.+ 10 මන්ද යමෙක් දෙවි මෙන් විවේක ගන්නවා නම්+ දෙවි තම වැඩකටයුතුවලින් විවේක ගත් ලෙසම ඔහුද තම වැඩකටයුතුවලින් විවේක ගෙන සිටියි.+
11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+ 12 දෙවිගේ වදන්+ ජීවමානය,+ බලවත්ය.+ ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය.+ එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය+ ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට*+ වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.+ 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
14 ස්වර්ගයට ගොස් ඇති දෙවිගේ පුත්‍රයා වන යේසුස්+ අපගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා ලෙස සිටින නිසා+ අපි දිගටම ඔහු කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු.+ 15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+ 16 එමනිසා මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී+ කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට+ අපට පුළුවන. එහෙයින් අපට උපකාර අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව අපි ලබාගනිමු.+