යෝබ්
12 යෝබ් මෙහෙම කිව්වා.
2 “ඇත්තටම ඔයාලා තරම් දැනුමක් තියෙන අයව කොහෙන් හොයන්නද?
ඔයාලා මැරුණොත් ප්රඥාවත් පොළොවෙන් තුරන් වෙලා යයි.
3 ඒත් මටත් දේවල් ගැන අවබෝධයක් තියෙනවා.
මං ඔයාලට වඩා දැනුමෙන් අඩු කෙනෙක් නෙවෙයි.
ඔයාලා කියපු දේවල් කවුද නොදන්නේ?
විහිළුවට ලක් වෙන්නේ අවංක, ධර්මිෂ්ඨ කෙනාවයි.
5 සැහැල්ලුවෙන් ඉන්න කෙනා හිතන්නේ එයාට කවදාවත් විපතක් වෙන්නේ නැහැ කියලයි.
එයා හිතන්නේ විපත්ති අද්දකින්න වෙන්නේ දැනටමත් දුක් ගැහැට විඳින අයට කියලයි.
6 සොරුන් එයාලාගේ ගෙවල්වල සාමකාමීව ජීවත් වෙනවා.+
දෙවියන්ව කේන්ති ගස්සන අය සුව සේ ජීවත් වෙනවා.+
ඒ අය අත් දෙකෙන් එයාලාගේ දෙවිවරුන්ගේ රූප උස්සගෙන යයි.
7 සත්තුන්ගෙන් අහන්න. උන් ඔයාලට උගන්වයි.
කුරුල්ලන්ගෙන් අහන්න. උනුත් ඔයාලට කියලා දෙයි.
9 මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ යෙහෝවා කියලා ඒ හැමෝම දන්නවා.
12 ප්රඥාව තියෙන්නේ වයසින් මුහුකුරා ගිය අය ළඟ නෙවෙයිද?+
තේරුම්ගැනීමේ හැකියාව තියෙන්නේ හුඟ කාලයක් ජීවත් වුණ අය ළඟ නෙවෙයිද?
14 දෙවියන් කඩලා දාපු දෙයක් ආයෙත් හදන්න කිසි මිනිසෙක්ට බැහැ.+
ඔහු වහලා දාපු දෙයක් අරින්නත් කිසි කෙනෙක්ට බැහැ.
16 ශක්තිය, ප්රඥාව තියෙන්නේ ඔහු ළඟයි.+
නොමඟ යන්නාත් නොමඟ යවන්නාත් ඉන්නේ ඔහු යටතෙයි.
17 දෙවියන් උපදේශකයන්ව ලැජ්ජාවට පත් කරයි.*
විනිශ්චයකරුවන්ට මෝඩයන් වගේ වැඩ කරන්න සලස්වයි.+
19 ඔහු පූජකයන්ට පාවහන් නැතුව ඇවිදින්න සලස්වනවා.+
බලය තහවුරු කරගත්ත අයව පහතට ඇදලා දානවා.+
20 විශ්වාසය දිනාගත්ත උපදේශකයන්ව දෙවියන් නිහඬ කරයි.
වයසින් මුහුකුරා ගිය අයගේ නුවණ නැති කරලා දායි.
21 ඔහු වංශවත් අයව නින්දාවට ලක් කරයි.+
බලවත් අයගේ ශක්තිය නැති කරයි.*
22 ඔහු අන්ධකාරයේ සැඟවිලා තියෙන ගැඹුරු දේවල් හෙළි කරනවා.+
ඝන අන්ධකාරය මත ආලෝකය හෙළනවා.
23 දෙවියන් ජාතීන්ව බලවත් කරන්නේ එයාලව විනාශ කරලා දාන්නයි.
ජාතීන්ගේ දේශ සීමාවන් පුළුල් කරන්නේ එයාලව වහල්කමට අරන් යන්නයි.