යෝබ්
30 “මට වඩා වයසින් බාල අය මට දැන් හිනා වෙනවා.+
මගේ සත්ව රැළවල් ආරක්ෂා කරපු බල්ලන් එක්කවත්
එයාලාගේ පියවරුන්ව තියන්න වටින්නේ නැහැ.
2 ඒ තරුණයන්ගේ ශක්තියෙන් මට කිසි වැඩක් වුණේ නැහැ.
ඒ අයගේ ශක්තිය දැන් නැති වෙලා.
3 නැති බැරිකම, බඩගින්න නිසා එයාලා මලානික වෙලා.
ඒ නිසා එයාලට වතුර නැති නිසරුබිම් උලා කන්න වෙලා.
විනාශ වෙලා පාළුවට ගිය ඒ තැන්වල කෑම හොයහොය යන්න වෙලා.
7 එයාලා පඳුරු අතරේ ඉඳන් හඬා වැලපෙනවා.
කටු ගස් අතරේ එක පොදියට ගුළි ගැහිලා ඉන්නවා.
11 දෙවියන් මාව අන්ත අසරණ තත්වයකට පත් කරලා* මාව ලැජ්ජා කළා.
එයාලා සීමාවක් නැතුව මට සතුරුකම් කරන්නේ ඒ නිසයි.
12 එයාලා මැර කල්ලියක් වගේ මගේ දකුණු පැත්තෙන් නැඟී සිටිනවා.
මාව පන්නලා දානවා.
මාව විනාශ කරන්න මං යන පාරේ බාධක දානවා.
14 බිඳලා දාපු පවුරක් මැදින් නුවරකට කඩාවදිනවා වගේ
එයාලා පීඩාවලින් මිරිකිලා ඉන්න මගේ ඇඟට කඩා පනිනවා.
15 බය මාව යටපත් කරගත්තා.
මගේ ගෞරවය හුළඟ වගේ ඈතට ගහගෙන ගියා
ගැලවීමට තිබුණ එකම මඟ වලාකුළක් වගේ නැති වෙලා ගියා.
18 මගේ වේදනාව කොයි තරම්ද කිව්වොත් මගේ ඇඳුමත්* වැහැරිලා ගිහින්.*
මගේ ඇඳුමේ කරපටිය වගේ ඒක මගේ හුස්ම හිර කරනවා.
19 දෙවියන් මාව මඩ ගොඩකට තල්ලු කරලා දැම්මා.
මං දැන් නිකම්ම නිකම් දූවිලි වගේ. අළු ගොඩක් වගේ.
20 මං උදව් ඉල්ලලා කෑගැහුවත් ඔබ මට උත්තර දුන්නේ නැහැ.+
මං හිටගත්තත් ඔබ මුකුත්ම නොකර මං දිහා බලන් හිටියා.
23 ඔබ මාව මරණයට අරන් යනවා කියලා මං හොඳින් දන්නවා.
මිනිසාගේ අවසන් නවාතැන්පළට ඔබ මාව අරන් යනවා.
24 හිත බිඳී ගිය කෙනෙක්ට* කවුරුත් පහර දෙන්නේ නැහැ.+
විපත්ති කාලේ එයා උදව් ඉල්ලද්දී කවුරුත් එයාට හිංසා කරන්නේ නැහැ.
25 දුක් පීඩා විඳින අය ගැන මං හඬා වැලපුණේ නැද්ද?
දුප්පතුන් වෙනුවෙන් මං දුක් වුණේ නැද්ද?+
26 යහපතක් වෙන කල් මං බලාගෙන හිටියත් මාව හොයාගෙන ආවේ නපුරයි.
එළිය ලැබෙන කල් බලන් හිටියත් මාව වට කරගත්තේ අඳුරයි.
27 මගේ හදවතට දැනෙන වේදනාව නොනැවතී ඇවිළෙනවා.
විපත්ති මං පිටට කඩාපනිනවා.
28 මං දවස ගෙවන්නේ දුකින්.+ හිරු එළියත් මගෙන් සැඟවිලා.
සෙනඟ මැද්දේ මං නැඟිටලා අඬඅඬ උදව් ඉල්ලනවා.
31 මගේ වීණාවෙන් පිට වෙන්නේ විලාප හඬක් විතරයි.
මගේ නළාවෙන් නික්මෙන්නේ ශෝක ගී රාවයක් විතරයි.