ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
14 අඥානයා වැඩ කරන්නේ ‘යෙහෝවා නැහැ’ කියලා හිතාගෙනයි.+
ඔවුන්ගේ ක්රියා දුෂ්ටයි. ඔවුන් හැසිරෙන්නේ හරිම පහත් විදිහට.
යහපත් දේ කරන කිසිම කෙනෙක් නැහැ.+
2 යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉඳන් මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා.
යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්
ඉන්නවාද කියලා ඔහු හොයලා බලනවා.+
3 ඒත් යහපත කරන කිසිම කෙනෙක් නැහැ.
එක් කෙනෙක්වත් නැහැ.
හැම කෙනෙක්ම දුෂ්ටයි.
ඔවුන් හරි දේ කරන එක අත්හැරලා දාලා.+
4 ඒ එක් කෙනෙක්ටවත් කිසිම අවබෝධයක් නැද්ද?
ඔවුන් රොටි කනවා වගේ මගේ සෙනඟව කාලා දානවා.
ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්නේ නැහැ.
වහලුන් වෙලා ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා ආයෙත් එකතු කරද්දී,
යාකොබ් සතුටු වෙන්න! ඊශ්රායෙල් ප්රීතියෙන් ඉපිල යන්න!