ලෙවී කතාව
3 “‘කෙනෙක් හවුල් පූජාවක්*+ ඔප්පු කරන්න ගව රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි. 2 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 3 හවුල් පූජාවෙන් කොටසක් යෙහෝවා ඉස්සරහා ගින්නෙන් ඔප්පු කළ යුතුයි.+ සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි,+ 4 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 5 ආරොන්ගේ පුතාලා ඒ කොටස් පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දර මත තියෙන දවන පූජාවට උඩින් තියලා ඒවා දැවිය යුතුයි.+ ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+
6 “‘කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කරන්න එළු බැටළු රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි.+ 7 පූජාව සඳහා බැටළු පැටියෙක්ව ගේනවා නම් ඔහු ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 8 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරම ඉස්සරහා ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 9 හවුල් පූජාවේ තෙල් කොටස් ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි.+ තෙලින් පිරුණු උගේ මුළු වලිගයම* කොඳු ඇට පෙළ ළඟින් ඉවත් කළ යුතුයි. සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, 10 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 11 යෙහෝවාට දෙන කොටස* විදිහට පූජකයා ඒ සියල්ලම දුම ඉහළට නඟින විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ඒක මට ගින්නෙන් ඔප්පු කරන පූජාවක්.+
12 “‘කෙනෙක් පූජාව සඳහා එළුවෙක්ව ගේනවා නම් ඔහු ඌව යෙහෝවා ඉස්සරහට ගෙනා යුතුයි. 13 ඔප්පු කරන සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරම ඉස්සරහා ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි. 14 ඔහු ඒ පූජාවෙන් යෙහෝවාට දෙන කොටස ගින්නෙන් ඔප්පු කළ යුතුයි. ඒ කොටසට සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුව, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව,+ 15 වකුගඩු දෙක, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුව සහ වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුව ඇතුළත් විය යුතුයි. 16 පූජකයා ඒ සියල්ල දෙවියන්ට දෙන කොටස විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම දෙවියන් මිහිරි සුවඳක් විදිහට සලකනවා. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවාටයි.+
17 “‘ඔබ තෙල් කොටස් සහ ලේ+ කොහොමටවත් නොකෑ යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් ඒ පනත ඔබයි, ඔබෙන් පැවතෙන හැමෝමයි පරම්පරාවෙන් පරම්පරාවට පැවැත්විය යුතුයි.’”