නාහුම්
1 මේ, එල්කොෂ් නගරයේ වැසියෙක් වන නාහුම්ට* ලැබුණු දර්ශනය සඳහන් ලියවිල්ලයි. මේ ලියවිල්ලේ සඳහන් වෙන්නේ නිනිවයට+ විරුද්ධව දුන්න තීන්දුව ගැනයි.
2 යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා මිනිසුන් ඔහුට මුළු හිතින්ම ආදරේ කරලා ඔහුට විතරක් නමස්කාර කරයි කියලා.+
ඔහු දුෂ්ටයන්ට දඬුවම් කරනවා. යෙහෝවා තමන්ගේ සතුරන්ට දඬුවම් කරලා ඔවුන්ට විරුද්ධව ඔහුගේ කේන්තිය පිට කරනවා.+
යෙහෝවාට තමන්ගේ සතුරන් ගැන තියෙන්නේ දැවෙන කෝපයක්. ඔවුන්ට ලැබිය යුතු දඬුවම ඔහු ලබා දෙනවා.
3 යෙහෝවා බලවත්+ දෙවි කෙනෙක් වුණත් ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+
ඒත් යෙහෝවා කවදාවත් වරදකරුවන්ට ලැබෙන්න ඕනෙ දඬුවම නොදී ඉන්නේ නැහැ.+
ඔහු ගමන් කරන්නේ සැඩ සුළං සහ කුණාටු මැදින්.
වලාකුළු පේන්නේ ඔහුගේ ගමන් මඟේ ඇවිස්සුණු දූවිලි වගේ.+
බාෂාන් සහ කර්මෙල් වියළී යයි.+
ලෙබනොන්වල මල් පරවී යයි.
ඔහු ඉදිරියේ භූමිය කම්පනය වෙයි.
පොළොවත් ඒකේ ජීවත් වෙන හැමෝමත් බයෙන් වෙවුලයි.+
6 දෙවියන්ගේ උදහසට මුහුණ දෙන්න පුළුවන් කාටද?+
ඔහුගේ දැවෙන කෝපය දරාගන්න පුළුවන් කාටද?+
ඔහු තමන්ගේ කෝපය ගින්නක් වගේ පිට කරයි.
ඔහු නිසා පර්වත පවා සුනුවිසුනු වෙලා යයි.
ඔහුගෙන් රැකවරණය පතන්නේ කවුද කියලා ඔහු දන්නවා.*+
8 හැම දේම විනාශ කරන ජලගැල්මකින් ඔහු නුවර නැත්තටම නැති කරයි.
අන්ධකාරය ඔහුගේ සතුරන් පස්සේ පන්නගෙන යයි.
9 ජනයෙනි, යෙහෝවාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?
ඔහු ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.
ආයෙත් වතාවක් විනාශයක් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ.+
10 ඔවුන් හරියට එකට පැටලුණු කටු වැලක් වගේ.
බීරවලින්* වෙරි වෙලා ඉන්න අය වගේ.
ඒත් ඔවුන් පිදුරු වගේ දැවිලා යනවා.
11 යෙහෝවාට විරුද්ධව කූට උපායන් යොදන කෙනෙක් ඔබ අතරින් එයි.
ඔහු කිසි වැඩකට නැති උපදෙස් දෙයි.
12 යෙහෝවා මෙහෙම කියනවා.
“ඔවුන් හුඟක් බලවත්, විශාල සෙනඟක්.
ඒත් ඔවුන්ව විනාශ කරයි. ඔවුන් නැති වෙලාම යයි.*
යූදා සෙනඟෙනි, මම ඔබට දුක් විඳින්න ඉඩ දුන්නත් ආයෙත් නම් එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
14 යෙහෝවා වන මම ඔබ* ගැන මෙහෙම නියෝග කරලා තියෙනවා.
‘ඔබේ නමින් ආයේ කවදාවත් පරම්පරාවක් බිහි වෙන්නේ නැහැ.
ඔබේ දේවාලවල තියෙන කැටයම් කරපු රූපත් ලෝහවලින්* හදපු පිළිමත් මම විනාශ කරනවා.
ඔබ මට පිළිකුලක්! ඒ නිසා මම ඔබට සොහොන් ගෙයක් සූදානම් කරනවා.’
යූදා වැසියෙනි, ආයෙත් ඔබේ උත්සව සමරන්න.+ ඔබ දුන්න පොරොන්දු ඉටු කරන්න.
මොකද කිසි කමකට නැති අය ආයේ කවදාවත් ඔබේ දේශයට එන්නේ නැහැ.
ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.”