12 දාවිත් සාවුල් රජුගේ හිස ළඟ තිබූ හෙල්ලයද වතුර භාජනයද තම අතට ගත් පසු ඔවුහු එතැනින් ගියෝය. ඔවුන් එතැනට පැමිණි බව කඳවුරේ සිටි කිසිවෙක් දුටුවේ නැත.+ කිසිවෙක් අවදි වුණේද නැත. මන්ද ඔවුන් සියලුදෙනාම සිටියේ තද නින්දේය.+ යෙහෝවා දෙවි එසේ සිදු වීමට සැලැස්වූවේය.