4 පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.