ලෙවී කතාව 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+ ද්විතීය කතාව 28:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+ ද්විතීය කතාව 32:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+ එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවිඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+ විනිශ්චයකරුවෝ 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+ විනිශ්චයකරුවෝ 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය. විනිශ්චයකරුවෝ 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් කළ මේ දේවල් නිසා බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව පිලිස්තිවරුන්ගේ+ හා අම්මොන්වරුන්ගේ+ අතට හසු වීමට ඉඩහැරියේය.+
17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+
25 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+
30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+ එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවිඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+
14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+
8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය.
7 ඔවුන් කළ මේ දේවල් නිසා බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව පිලිස්තිවරුන්ගේ+ හා අම්මොන්වරුන්ගේ+ අතට හසු වීමට ඉඩහැරියේය.+