උත්පත්ති 36:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒසව්ගේ පුත්රයා වන එලිෆස්ගේ උපභාර්යාව තිම්නාය.+ ඇය එලිෆස්ට දාව අමලෙක්+ බිහි කළාය. ඒ සියලුදෙනා ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්රයෝය.* නික්මයාම 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “අමලෙක්වරුන් යෙහෝවා දෙවිගේ+ සිංහාසනයට+ විරුද්ධව නැඟී සිටිය නිසා යෙහෝවා දෙවි ඔවුන්ගේ සියලු පරම්පරාවලදී ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නේය”+ කියමින් මෝසෙස් එම පූජාසනයට ඒ නාමය තැබීය. ගණන් කතාව 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බාලාම් අමලෙක්වරුන්ව දැක මෙම අනාවැකිය කීවේය.+“අමලෙක්වරු ජාතීන් අතරේ ප්රථමයෝය.+නමුත් අවසානයේදී ඔවුහු නැත්තටම නැති වී යන්නෝය.”+ ද්විතීය කතාව 25:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ නිසා ඔබ අමලෙක්වරුන් කියන ජාතිය සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.+ ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයට ගොස් එහි පදිංචි වී කිසිම සතුරෙකුගෙන් හිරිහැරයක් නොවිඳිමින් සමාදානයෙන් ජීවත් වන කාලයේදීයි.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන ඒ කාලයේදී අමලෙක්වරුන්ට කළ යුතු දේ අමතක කරන්න එපා.
12 ඒසව්ගේ පුත්රයා වන එලිෆස්ගේ උපභාර්යාව තිම්නාය.+ ඇය එලිෆස්ට දාව අමලෙක්+ බිහි කළාය. ඒ සියලුදෙනා ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්රයෝය.*
16 “අමලෙක්වරුන් යෙහෝවා දෙවිගේ+ සිංහාසනයට+ විරුද්ධව නැඟී සිටිය නිසා යෙහෝවා දෙවි ඔවුන්ගේ සියලු පරම්පරාවලදී ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නේය”+ කියමින් මෝසෙස් එම පූජාසනයට ඒ නාමය තැබීය.
20 බාලාම් අමලෙක්වරුන්ව දැක මෙම අනාවැකිය කීවේය.+“අමලෙක්වරු ජාතීන් අතරේ ප්රථමයෝය.+නමුත් අවසානයේදී ඔවුහු නැත්තටම නැති වී යන්නෝය.”+
19 ඒ නිසා ඔබ අමලෙක්වරුන් කියන ජාතිය සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.+ ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයට ගොස් එහි පදිංචි වී කිසිම සතුරෙකුගෙන් හිරිහැරයක් නොවිඳිමින් සමාදානයෙන් ජීවත් වන කාලයේදීයි.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන ඒ කාලයේදී අමලෙක්වරුන්ට කළ යුතු දේ අමතක කරන්න එපා.