1 සාමුවෙල් 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉන්පසු සාවුල් රජ තමා සමඟ සිටි සියලුදෙනාව කැඳවාගෙන සටනට ගියේය.+ ඔවුහු සටන් බිමට පැමිණි විට පිලිස්තිවරුන් එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට විරුද්ධව සටන් කරමින් සිටින බව ඔවුහු දුටුවෝය.+ එදින පිලිස්තිවරු අන්ත පරාජයක් අද්දුටුවෝය. 2 ලේකම් 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අම්මොන්වරු සහ මෝවබ්වරු එකට එකතු වී තමන් සමඟ සේයිර් කඳුකරයෙන් පැමිණි අයට පහර දී+ ඔවුන්ව සහමුලින්ම නැති කර දැමුවෝය. මෙසේ සේයිර් වැසියන්ව ඝාතනය කළායින් පසු අම්මොන්වරු සහ මෝවබ්වරු එකිනෙකාට පහර දෙමින් තමන්ගේම සෙබළුන්ව මරා දැමූහ.+ යෙසායා 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “එක් එක් කෙනා සමඟ ඇනකොටා ගැනීමට මම ඊජිප්තුවරුන්ව පොලඹවන්නෙමි. ඔවුහු තම තමාගේ සහෝදරයන්ටත් මිතුරන්ටත් විරුද්ධව නැඟී සිටිනු ඇත. නුවරක් නුවරකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධයට සැරසෙයි.+ එසකියෙල් 38:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි.+ ‘මම ගොග්ට විරුද්ධව කඩුවක් එවන්නෙමි. ඒ කඩුව මාගේ දේශයේ සියලු කඳු වෙතට ගොස් ගොග්ගේ සෙනඟට පහර දෙන්නේය. එවිට එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට කඩුවෙන් පහර දෙනු ඇත.+ සෙකරියා 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඒ දවසේදී, යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාවම වියවුල් කරන්නේය.+ ඔවුහු තම තමන්ගේ මිත්‍රයාට විරුද්ධව සටන් කරන්නෝය.
20 ඉන්පසු සාවුල් රජ තමා සමඟ සිටි සියලුදෙනාව කැඳවාගෙන සටනට ගියේය.+ ඔවුහු සටන් බිමට පැමිණි විට පිලිස්තිවරුන් එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට විරුද්ධව සටන් කරමින් සිටින බව ඔවුහු දුටුවෝය.+ එදින පිලිස්තිවරු අන්ත පරාජයක් අද්දුටුවෝය.
23 අම්මොන්වරු සහ මෝවබ්වරු එකට එකතු වී තමන් සමඟ සේයිර් කඳුකරයෙන් පැමිණි අයට පහර දී+ ඔවුන්ව සහමුලින්ම නැති කර දැමුවෝය. මෙසේ සේයිර් වැසියන්ව ඝාතනය කළායින් පසු අම්මොන්වරු සහ මෝවබ්වරු එකිනෙකාට පහර දෙමින් තමන්ගේම සෙබළුන්ව මරා දැමූහ.+
2 “එක් එක් කෙනා සමඟ ඇනකොටා ගැනීමට මම ඊජිප්තුවරුන්ව පොලඹවන්නෙමි. ඔවුහු තම තමාගේ සහෝදරයන්ටත් මිතුරන්ටත් විරුද්ධව නැඟී සිටිනු ඇත. නුවරක් නුවරකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධයට සැරසෙයි.+
21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි.+ ‘මම ගොග්ට විරුද්ධව කඩුවක් එවන්නෙමි. ඒ කඩුව මාගේ දේශයේ සියලු කඳු වෙතට ගොස් ගොග්ගේ සෙනඟට පහර දෙන්නේය. එවිට එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට කඩුවෙන් පහර දෙනු ඇත.+
13 “ඒ දවසේදී, යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාවම වියවුල් කරන්නේය.+ ඔවුහු තම තමන්ගේ මිත්‍රයාට විරුද්ධව සටන් කරන්නෝය.