ගණන් කතාව 14:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් ඔවුහු හිතුවක්කාර ලෙස කඳුකරයට ගියෝය.+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් පිටතට ගෙන ගියේවත් මෝසෙස් කඳවුරෙන් පිටතට ගියේවත් නැත.+ යොෂුවා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන්ට ඉදිරියෙන් තවත් පූජකයන් හත්දෙනෙකු හොරණෑ* හතක් රැගෙන යා යුතුයි. හත්වන දවසේදී ඔබ ඒ නගරය වටා හත් වරක් ගමන් කරන්න. ඒ අතරතුර පූජකයන් තම හොරණෑ පිඹිය යුතුයි.+ 1 සාමුවෙල් 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට සාවුල් රජ අහියාට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මෙතැනට ගෙනෙන්න.” (එදින සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඊශ්රායෙල් සෙනඟ අතරේ තිබිණ.)+ 2 සාමුවෙල් 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 රජ සාදොක්ට මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආපහු නුවරට+ රැගෙන යන්න.+ මට යෙහෝවා දෙවිගෙන් කරුණාව ලැබුණොත් ඔහු මට ආපහු මෙහෙට එන්න ඉඩ සලසයි. එවිට ගිවිසුම් පෙට්ටියත් එහි කූඩාරමත් මට ආපහු දැකගන්න පුළුවන් වෙයි.+
44 නමුත් ඔවුහු හිතුවක්කාර ලෙස කඳුකරයට ගියෝය.+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් පිටතට ගෙන ගියේවත් මෝසෙස් කඳවුරෙන් පිටතට ගියේවත් නැත.+
4 ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන්ට ඉදිරියෙන් තවත් පූජකයන් හත්දෙනෙකු හොරණෑ* හතක් රැගෙන යා යුතුයි. හත්වන දවසේදී ඔබ ඒ නගරය වටා හත් වරක් ගමන් කරන්න. ඒ අතරතුර පූජකයන් තම හොරණෑ පිඹිය යුතුයි.+
18 එවිට සාවුල් රජ අහියාට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මෙතැනට ගෙනෙන්න.” (එදින සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඊශ්රායෙල් සෙනඟ අතරේ තිබිණ.)+
25 රජ සාදොක්ට මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආපහු නුවරට+ රැගෙන යන්න.+ මට යෙහෝවා දෙවිගෙන් කරුණාව ලැබුණොත් ඔහු මට ආපහු මෙහෙට එන්න ඉඩ සලසයි. එවිට ගිවිසුම් පෙට්ටියත් එහි කූඩාරමත් මට ආපහු දැකගන්න පුළුවන් වෙයි.+