1 රාජාවලිය 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+ 1 රාජාවලිය 22:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 රජු මිය ගිය පසු ඔවුහු ඔහුගේ මළ සිරුර සමාරියට ගෙනැවිත් එහි තැන්පත් කළෝය.+ 2 රාජාවලිය 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ. ආමොස් 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “සියලු ජාතීන් අතරින් ප්‍රමුඛත්වය ගන්නා ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තමයන් පිටට මහත් විපතක් පැමිණෙනු ඇත. ඔවුහු සියොන්හි විවේක සුවයෙන් කල් ගෙවති.+ සමාරිය කන්ද මත තමන් සුරක්ෂිතව සිටිනවායයි විශ්වාස කරති. ඊශ්‍රායෙල් ජනයා පිහිට පතා යන්නේ ඔවුන් වෙතටය. ක්‍රියා 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ෆිලිප් ඔවුන්ගෙන් එක් අයෙකි. ඔහු සමාරිය නම් නුවරට ගොස්+ එහි සිටි අයට ක්‍රිස්තුස් ගැන දේශනා කළේය.
20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+
24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.
6 “සියලු ජාතීන් අතරින් ප්‍රමුඛත්වය ගන්නා ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තමයන් පිටට මහත් විපතක් පැමිණෙනු ඇත. ඔවුහු සියොන්හි විවේක සුවයෙන් කල් ගෙවති.+ සමාරිය කන්ද මත තමන් සුරක්ෂිතව සිටිනවායයි විශ්වාස කරති. ඊශ්‍රායෙල් ජනයා පිහිට පතා යන්නේ ඔවුන් වෙතටය.