12 එය දුටු හසායෙල්, “මගේ ස්වාමීනි, ඇයි ඔබ අඬන්නේ” කියා ඇසුවේය. එලිෂා මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල්වරුන්ට කරන්න යන විනාශය ගැන මම හොඳින් දන්නවා.+ ඔබ ඔවුන්ගේ බලකොටුවලට ගිනි තබා ඔවුන්ගේ හොඳම යුධ භටයන්ව කඩුවෙන් මරා දමනවා. ඔබ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමනවා.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනවා.”+