-
නෙහෙමියා 10:37ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
37 අපගේ මුල්ම ධාන්‍ය අස්වැන්නෙන් ලබාගත් පිටිද+ අපගේ පරිත්‍යාගයන්ද+ සෑම ගසකින්ම නෙළාගත් පලතුරුද+ අලුත්ම වයින්ද+ තෙල්ද+ අපගේ දෙවිගේ ගෘහයේ තිබෙන භෝජන ශාලාවල+ සිටින පූජකයන්ට භාර දෙන්නත් අපි එකඟ වුණෙමු. භූමියේ පලදාවෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන්ට+ දෙන්නත් අපි තීරණය කළෙමු. මන්ද වගා කටයුතු කරන සියලුම නුවරවලින් ලෙවීවරුන්ට අස්වැන්නෙන් දසයෙන් කොටසක් දීමට නියම කර තිබිණ.
-
-
නෙහෙමියා 12:47ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
47 සෙරුබාබෙල්+ ජීවත් වූ කාලයේදීත් නෙහෙමියා+ වන මා ජීවත් වූ කාලයේදීත් ගායකයන්ගේ+ හා දොරටු පාලකයන්ගේ+ දෛනික අවශ්‍යතාවන් සැපයීමට සැලසුමක් යොදා තිබිණ. ඊශ්‍රායෙල්හි සියලු ජනයා තමන් සඳහා නියම කර තිබූ කොටස් ගෙනැවිත් භාර දුන්නෝය. එයින් කොටසක් ලෙවීවරුන්ගේ භාවිතය සඳහා වෙන් කරන ලදි.+ ලෙවීවරුද ආරොන්ගේ පෙළපතට අයත් පූජකයන්ට කොටසක් වෙන් කර තැබුවෝය.
-
-
මලාකි 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “දෙවිට අයිති දේ සොරකම් කරන්න මනුෂ්‍යයෙකුට පුළුවන්ද? නමුත් ඔබ මගෙන් සොරකම් කරන්නහුය.”
එවිට ඔබ, “අපි මොනවාද ඔබෙන් සොරකම් කළේ” කියා අසන්නහුය.
“මට ලැබිය යුතු දසයෙන් කොටසත් මගේ පූජාත් ඔබ සොරකම් කළේ නැද්ද?
-