නෙහෙමියා
12 ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්+ හා යේෂුවා+ සමඟ පැමිණි පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ නම් මේවාය. සෙරායා, යෙරෙමියා, එස්රා, 2 අමරියා,+ මල්ලුක්, හට්ටුෂ්, 3 ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්, 4 ඉද්දෝ, ගින්නෙතොයි, අබියා, 5 මියමින්, මයදියා, බිල්ගා, 6 ෂෙමායා,+ යෝයාරීබ්, යෙදායා,+ 7 සල්ලු, ආමොක්,+ හිල්කියා සහ යෙදායා+ යන අයයි. යේෂුවා+ සේවය කළ කාලයේදී පූජකයන්ගේ හා ඔවුන්ගේ සහෝදරයන්ගේ ප්‍රධානීන් ලෙස කටයුතු කළේ ඔවුන්ය.
8 ලෙවීවරුන් වූයේ යේෂුවා+ සහ ඔහුගේ සහෝදරයන් වූ බින්නුයි,+ කද්මියෙල්,+ ෂෙරෙබියා, යූදා සහ මත්තනියා+ යන අයයි. ඔවුහු ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමේ කාර්යය භාරව සිටියෝය. 9 ඔවුන් ඉදිරිපිට සේවය කළ බක්බුකියා සහ උන්නි මුර කටයුතුවල යෙදී සිටියෝය. 10 යේෂුවාගේ පුත්‍රයා යෝයාකීම්ය.+ යෝයාකීම්ගේ පුත්‍රයා එලියාෂිබ්ය.+ එලියාෂිබ්ගේ පුත්‍රයා යෝයාදාය.+ 11 යෝයාදාගේ පුත්‍රයා යොනාතාන්ය. යොනාතාන්ගේ පුත්‍රයා යද්දුවාය.+
12 යෝයාකීම් සේවය කළ කාලයේදී සෑම පෙළපතකටම ප්රධානියෙකුව+ පත් කර තිබිණ. ඒ විස්තර මෙසේය. සෙරායාගේ+ පෙළපත සඳහා මෙරායා ප්‍රධානියා විය. යෙරෙමියාගේ පෙළපත සඳහා හනනියා ප්‍රධානියා විය. 13 එස්රාගේ+ පෙළපත සඳහා මෙෂල්ලම් ප්‍රධානියා විය. අමරියාගේ පෙළපත සඳහා යෙහෝහානන් ප්‍රධානියා විය. 14 මල්ලුකීගේ පෙළපත සඳහා යොනාතාන් ප්‍රධානියා විය. ෂෙබනියාගේ+ පෙළපත සඳහා යෝසෙප් ප්‍රධානියා විය. 15 හාරිම්ගේ+ පෙළපත සඳහා අද්නා ප්‍රධානියා විය. මෙරායොත්ගේ පෙළපත සඳහා හෙල්කයි ප්‍රධානියා විය. 16 ඉද්දෝගේ පෙළපත සඳහා සෙකරියා ප්‍රධානියා විය. ගින්නෙතොන්ගේ පෙළපත සඳහා මෙෂල්ලම් ප්‍රධානියා විය. 17 අබියාගේ+ පෙළපත සඳහා ෂික්රී ප්‍රධානියා විය. මිනියාමින්ගේ පෙළපත සඳහාද කෙනෙක් සිටියේය. මොවදියාගේ පෙළපත සඳහා පිල්ටයි ප්‍රධානියා විය. 18 බිල්ගාගේ+ පෙළපත සඳහා ෂම්මුවා ප්‍රධානියා විය. ෂෙමායාගේ පෙළපත සඳහා යෙහොනාතාන් ප්‍රධානියා විය. 19 යෝයාරීබ්ගේ පෙළපත සඳහා මත්තෙනයි ප්‍රධානියා විය. යෙදායාගේ+ පෙළපත සඳහා උස්සි ප්‍රධානියා විය. 20 සල්ලයිගේ පෙළපත සඳහා කල්ලයි ප්‍රධානියා විය. ආමොක්ගේ පෙළපත සඳහා ඒබර් ප්‍රධානියා විය. 21 හිල්කියාගේ පෙළපත සඳහා හෂබියා ප්‍රධානියා විය. යෙදායාගේ+ පෙළපත සඳහා නෙතනෙල් ප්‍රධානියා විය.
22 එලියාෂිබ්,+ යෝයාදා,+ යෝහානාන් සහ යද්දුවා+ යන අයගේ කාලයේ සිටි ලෙවීවරුන්ගේ හා පූජකයන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් ලේඛනගත කරනු ලැබීය. ඒ දේ පර්සියාවේ රජු වූ දාරියුස්ගේ පාලන සමය දක්වාම සිදු කෙරිණ.
23 එලියාෂිබ්ගේ පුත් යෝහානාන්ගේ කාලය දක්වා සිටි ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ+ නම් ඉතිහාස වාර්තාවෙහි ලේඛනගත කරන ලදි. 24 ලෙවීවරුන්ගේ ප්‍රධානීන් ලෙස කටයුතු කළේ හෂබියා, ෂෙරෙබියා+ සහ කද්මියෙල්ගේ+ පුත් යේෂුවා යන අයයි. ඔවුන් ඉදිරිපිටම සේවය කරමින් සිටියේ ඔවුන්ගේ සහෝදරයෝය. සැබෑ දෙවිගේ සේවකයෙකු වූ දාවිත් අණ කර+ තිබූ ආකාරයට එකිනෙකාට මුහුණ ලා සිටගත් ඒ කණ්ඩායම් දෙක දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමේ කාර්යයෙහි නිරත වූහ. 25 මත්තනියා,+ බක්බුකියා, ඔබදියා, මෙෂල්ලම්, ටල්මොන් සහ අක්කුබ්+ දේවමාලිගාවේ දොරටු අසල තිබූ ගබඩා කාමර මුර කරමින් සිටියෝය.+ 26 ඔවුන් සියල්ලෝම මෙම සේවාවන්වල නිරත වූයේ යෝෂාදාක්ගේ+ පුත් යෝයාකීම්ගේ+ පුත්‍රයෙකු වන යේෂුවාද+ ආණ්ඩුකාර නෙහෙමියාද+ පිටපත්කරු+ වූ පූජක එස්රාද+ විසූ කාලයේදීය.
27 යෙරුසලමෙහි පවුරු දෙවිට කැප+ කළ අවස්ථාවේදී විවිධ තැන්වල පදිංචි වූ ලෙවීවරුන් සියලුදෙනාව යෙරුසලමට රැස් කරන පිණිස පියවර ගනු ලැබීය. ඔවුන්ව එසේ එක් රැස් කරනු ලැබුවේ කැප කිරීමේ උත්සවය සඳහා දෙවිට ස්තුති ප්‍රශංසා+ ඔප්පු කිරීමටත් ගී ගැයීමටත්+ අත්තාළම් ගැසීමටත් වීණා හා කුඩා වීණා වාදනය කිරීමටත්ය.+ 28 යෙරුසලම අවට තිබූ සියලුම පළාත්වලින්+ හා නෙටොෆාතියවරුන්+ පදිංචිව සිටි ගම්මානවලින් ගායක පෙළපතට අයත් සියලුදෙනා එක් රැස් වූහ. 29 තවත් එවැනිම පිරිසක් බෙත්-ගිල්ගාල්+ සිටත් ගෙබා+ සහ අෂ්මාවෙත්+ අවට තිබූ කෙත්වතුවල සිටත් පැමිණියෝය. මන්ද ගායකයෝ යෙරුසලම වටා බොහෝ ස්ථානවල නිවෙස් සාදා පදිංචි වී සිටියෝය.+ 30 පූජකයෝ සහ ලෙවීවරු තමන්ගේ සේවය සඳහා පවිත්‍ර වී,+ රැස්ව සිටි ජනයාවත් තම අපවිත්‍ර තත්වයෙන් පවිත්‍ර කළෝය.+ ඉන්පසුව ඔවුහු පවුර+ හා එහි දොරටු+ දෙවිට කැප කළෝය.
31 ඉන්පසුව මම යූදාහි අධිපතීන්ව+ පවුර මතට ගෙනාවෙමි. ඊට අමතරව, මම ගායක කණ්ඩායම්+ දෙකක් සහ ඔවුන් පසුපස ගමන් කිරීමට කණ්ඩායම්ද සංවිධානය කළෙමි. එක් කණ්ඩායමක් පවුරේ දකුණු පැත්තේ කසළ දොරටුව+ දක්වා ගමන් කළෝය. 32 ඒ කණ්ඩායම පසුපස හෝෂායා සහ යූදාහි අධිපතීන්ගෙන් අඩක් ගමන් කළෝය. 33 ඔවුන් සමඟ අෂරියාද එස්රාද මෙෂල්ලම්ද 34 යූදාද බෙන්ජමින්ද ෂෙමායාද යෙරෙමියාද ගමන් කළෝය. 35 පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් කිහිපදෙනෙක්ද හොරණෑ+ අතැතිව ඔවුන් පිටුපස ගමන් කළෝය. ඔවුන්ට ඉදිරියෙන් සිටියේ සෙකරියාය. ඔහුගේ පියා යොනාතාන්ය. ඔහුගේ පියා ෂෙමායාය. ඔහුගේ පියා මත්තනියාය. ඔහුගේ පියා මිකායාය. ඔහුගේ පියා සක්කූර්ය.+ ඔහුගේ පියා ආසාෆ්ය.+ 36 සෙකරියා සමඟ ඔහුගේ සහෝදරයන් වූ ෂෙමායා, අෂරෙල්, මිලලයි, ගිලලයි, මායයි, නෙතනෙල්, යූදා සහ හනානිද සිටියෝය. සැබෑ දෙවිගේ සේවකයෙකු වූ දාවිත්ගේ කාලයේ සෑදූ සංගීත භාණ්ඩ+ අතැතිව සිටි ඔවුන් සියලුදෙනාට ඉදිරියෙන්ම ගමන් කළේ පිටපත්කරු වූ එස්රාය.+ 37 උල්පත් දොරටුවට+ පැමිණි ඔවුහු කෙළින්ම ගොස් දාවිත්ගේ නුවර+ මැදින් පිහිටි පඩි පෙළ+ පසු කරගෙන ගියෝය. ඔවුහු දාවිත්ගේ මාලිගාව පිහිටා තිබුණු තැනට ඉහළින් පවුර දිගේ ගොස් නැඟෙනහිර දෙසින් පිහිටි ජල දොරටුව+ දක්වාම ගමන් කළෝය.
38 ස්තුති ප්‍රශංසා ඔප්පු කළ අනික් ගායක කණ්ඩායම+ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කළෝය. පවුර මත සිටි ඉතුරු පිරිසද මමද ඔවුන් පිටුපසින් ගමන් කර, උදුන් මුරකොටුව+ පසු කරගෙන පළල් පවුර+ වෙතට ගියෙමු. 39 අපි එතැන් සිට එෆ්‍රායිම් දොරටුව+ පසු කරගෙන පැරණි නුවරේ දොරටුව+ වෙතට ආවෙමු. ඉන්පසු අපි මත්ස්‍ය දොරටුව,+ හනානෙල්ගේ මුරකොටුව+ සහ මේයා මුරකොටුව+ පසු කරගෙන බැටළු දොරටුව+ දක්වා ගියෙමු. අපි මුරකරුවන්ගේ දොරටුව අසලටද පැමිණ එහි නැවතී සිටියෙමු.
40 යම් වේලාවක් ගත වූ පසු ස්තුති ප්‍රශංසා ඔප්පු කරන ගායක කණ්ඩායම් දෙකම+ සැබෑ දෙවිගේ ගෘහයට පැමිණ එහි නැවතී සිටියෝය.+ ඔවුන් සමඟ නිලධාරීන්ගෙන් අඩක්ද මමද සිටියෙමු.+ 41 හොරණෑ+ අතැතිව පූජකයන් වූ එලියාකීම්, මයසේයා, මිනියාමින්, මිකායා, එලියෝනේයයි, සෙකරියා සහ හනනියාද 42 මයසේයා, ෂෙමායා, එලියාසර්, උස්සි, යෙහෝහානන්, මල්කියා, ඒලාම් සහ එෂෙර් යන අයද සිටියෝය. ඉෂ්රාහියාගේ අධීක්ෂණය යටතේ සිටි ගායකයන්ගේ හඬ අවට ප්‍රදේශය සිසාරා පැතිරිණ.+
43 ඔවුහු එදින පූජාවන් විශාල ප්‍රමාණයක්+ ඔප්පු කරමින් බොහෝ සෙයින් ප්‍රීතිමත් වූහ.+ මන්ද සැබෑ දෙවි ඔවුන් තුළ මහත් ප්‍රීතියක් ඇති කර තිබිණ.+ ඔවුන් සමඟ ස්ත්‍රීහුද+ දරුදැරියෝද+ ප්‍රීතිමත් වූහ. යෙරුසලමෙහි ඇසුණු ඒ ප්‍රීති ඝෝෂා හඬ කොතරම්ද කිවහොත් එය බොහෝ දුර ඈතට විහිදී ගියේය.+
44 මීට අමතරව බඩු බාහිරාදිය, ලැබෙන පරිත්‍යාගයන්,+ මුල් පලදාව,+ දසයෙන් කොටස්+ යනාදිය ගබඩා+ කිරීමට භාවිත කළ ශාලා+ බලාගැනීමටත් එදින පුරුෂයන්ව පත් කරන ලදි. ඔවුන්ගේ වගකීම වූයේ නීතියේ සඳහන් වී තිබූ ආකාරයට+ පූජකයන් සහ ලෙවීවරුන්+ සඳහා නියමිත කොටස කෙත්වතුවලින් හා නුවරවලින් එකතු කිරීමය. සේවය කරමින් සිටි පූජකයන් හා ලෙවීවරුන්+ දැක යූදාහි සෙනඟ ප්‍රීතිමත් වූහ. 45 ඔවුහු එහිදී දෙවි අණ කර තිබූ දේවල්ද+ පවිත්‍ර වීමේ චාරිත්‍රද+ ඉටු කළ යුතු සියලු වගකීම්ද ඉටු කිරීමට පටන්ගත්තෝය. මීට අමතරව, ගායකයෝ+ සහ දොරටු පාලකයෝ+ දාවිත් සහ ඔහුගේ පුත් සලමොන් අණ කර තිබූ ආකාරයටම තම වගකීම් ඉටු කළෝය. 46 දාවිත් සහ ආසාෆ් ජීවත් වූ කාලයේදී, දෙවිට ස්තුති ප්‍රශංසා+ ඔප්පු කරන කණ්ඩායමට ප්‍රධානීන්ව+ පත් කර තිබිණ. 47 සෙරුබාබෙල්+ ජීවත් වූ කාලයේදීත් නෙහෙමියා+ වන මා ජීවත් වූ කාලයේදීත් ගායකයන්ගේ+ හා දොරටු පාලකයන්ගේ+ දෛනික අවශ්‍යතාවන් සැපයීමට සැලසුමක් යොදා තිබිණ. ඊශ්‍රායෙල්හි සියලු ජනයා තමන් සඳහා නියම කර තිබූ කොටස් ගෙනැවිත් භාර දුන්නෝය. එයින් කොටසක් ලෙවීවරුන්ගේ භාවිතය සඳහා වෙන් කරන ලදි.+ ලෙවීවරුද ආරොන්ගේ පෙළපතට අයත් පූජකයන්ට කොටසක් වෙන් කර තැබුවෝය.