උත්පත්ති 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි. උත්පත්ති 39:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ නිවසේ මට ඉහළින් ඉන්න කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැර+ අනික් හැම දෙයක්ම ඔහු මට භාර දී තිබෙනවා. එහෙමනම්, මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”+ ලෙවී කතාව 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එය වන්දි පූජාවකි. මන්ද ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ වරදකරුවෙකි.”+ 2 සාමුවෙල් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+ ලූක් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට පුත්රයා, ‘තාත්තේ, මම මහ පව්කාරයෙක්. මම දෙවිටත් ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා.+ ඔබේ පුතෙක් කියා කියන්නවත් මම සුදුසු නැහැ. ඔබ ළඟ කුලීකරුවෙක් හැටියට වැඩ කරන්න මට ඉඩ දෙන්න’+ කියා ඔහුට පැවසුවා.
6 එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි.
9 මේ නිවසේ මට ඉහළින් ඉන්න කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැර+ අනික් හැම දෙයක්ම ඔහු මට භාර දී තිබෙනවා. එහෙමනම්, මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”+
13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+
21 එවිට පුත්රයා, ‘තාත්තේ, මම මහ පව්කාරයෙක්. මම දෙවිටත් ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා.+ ඔබේ පුතෙක් කියා කියන්නවත් මම සුදුසු නැහැ. ඔබ ළඟ කුලීකරුවෙක් හැටියට වැඩ කරන්න මට ඉඩ දෙන්න’+ කියා ඔහුට පැවසුවා.