ද්විතීය කතාව 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්‍රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+ යෝබ් 28:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+ හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+ හිතෝපදේශ 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.+ දේශනාකාරයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි. හෙබ්‍රෙව් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නෝවා+ තුළ තිබූ විශ්වාසය නිසා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දෙවිගෙන් අනතුරු ඇඟවීමක් ලැබූ විට+ ඔහු දේවගරුබිය පෙන්වමින් තම පවුලට අයත් අයගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.+ ඔහුට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළ අතර+ එය ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකීමට මඟ පෑදුවේය.+
6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්‍රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+
28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+
10 ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.+
13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.
7 නෝවා+ තුළ තිබූ විශ්වාසය නිසා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දෙවිගෙන් අනතුරු ඇඟවීමක් ලැබූ විට+ ඔහු දේවගරුබිය පෙන්වමින් තම පවුලට අයත් අයගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.+ ඔහුට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළ අතර+ එය ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකීමට මඟ පෑදුවේය.+