2 පසුව ඔහු හිඳගෙන සිටි තැනින් නැඟිට ඔවුන්ට මෙසේ පැවසීය.
“මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තැබීම සඳහා ගෘහයක් ගොඩනඟන්න මට ලොකු ආශාවක් තිබුණා.+ එය දෙවිට පා පුටුවක්+ වෙයි කියා මම සිතුවා. ඒ සඳහා මම බොහෝ දේවල් සූදානම් කළා.+