-
ගීතාවලිය 69:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙක් නිසා මට පිළිතුරු දෙන්න.+
ඔබ දයාන්විත නිසා මා වෙතට හැරී මට කරුණාව පෙන්වන්න.+
-
යෙරෙමියා 33:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ප්‍රීති ඝෝෂාවේ හඬද+ මනාලයාගේ හා මනාලියගේ හඬද ඇසෙනු ඇත. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. යෙහෝවා ඉතා යහපත් දෙවි කෙනෙකි.+ ඔහුගේ අතිමහත් ප්‍රේමය* සැමදා පවතින්නේය”+ කියා සෙනඟ පවසන හඬ දේශයෙන් ඇසෙනු ඇත.’
“‘වහල්භාවයේ සිටින සෙනඟව මම මේ දේශයට ගෙනෙන්නෙමි. ඔවුහු අතීතයේදී මෙන් මෙහි සතුටින් වාසය කරනු ඇත.+ ඒ කාලයේදී සෙනඟ යෙහෝවා දෙවිගේ ගෘහයට ස්තුති පූජා රැගෙන එන්නෝය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
-
-
-