ගීතාවලිය 111:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+ හිතෝපදේශ 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 බොහෝ වස්තු රැස් කරගෙන නොසන්සුන් මනසක් ඇතුව සිටිනවාට වඩා+ ස්වල්පයකින් සෑහීමට පත් වී යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම හොඳය.+ ක්‍රියා 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 පසුව යුදය, ගලීලය සහ සමාරිය පුරාම ව්‍යාප්ත වී තිබූ සභාවට+ ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා විය. සියලුදෙනාම යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්,+ දෙවි ලබා දුන් බලයෙන් මහත් සැනසීමක් ලැබූ අතර+ ඔවුන්ගේ විශ්වාසයද තව තවත් ශක්තිමත් විය. ඔවුහු ගණනින්ද නොකඩවා වැඩි වූහ. 2 කොරින්ති 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+ 1 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+
10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+
16 බොහෝ වස්තු රැස් කරගෙන නොසන්සුන් මනසක් ඇතුව සිටිනවාට වඩා+ ස්වල්පයකින් සෑහීමට පත් වී යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම හොඳය.+
31 පසුව යුදය, ගලීලය සහ සමාරිය පුරාම ව්‍යාප්ත වී තිබූ සභාවට+ ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා විය. සියලුදෙනාම යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්,+ දෙවි ලබා දුන් බලයෙන් මහත් සැනසීමක් ලැබූ අතර+ ඔවුන්ගේ විශ්වාසයද තව තවත් ශක්තිමත් විය. ඔවුහු ගණනින්ද නොකඩවා වැඩි වූහ.
7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+
17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+