යෙසායා 32:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති. යෙරෙමියා 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+ විලාප ගී 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උත්සවයට කිසිවෙකු නොපැමිණෙන බැවින් සියොන්හි වීථි හඬා වැලපෙන්නේය.+ඇගේ දොරටු අසල කිසිවෙක් නැත.+ ඇගේ පූජකයෝ සුසුම්ලති.+ඇගේ තරුණියෝ හඬා වැලපෙති. ඇයද ශෝකයෙන් වෙළී සිටින්නීය.+ විලාප ගී 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇගේ දොරටු+ පොළොවටම සමතලා කළේය. දොරගුල් සුනුවිසුනු කළේය.ඇගේ රජද පාලකයෝද වෙනත් ජාතීන් අතරේ අසරණව සිටිති.+ දේශයෙහි දැන් නීතියක් නැත.+ඇගේ අනාගතවක්තෘවරුන්ට යෙහෝවා දෙවිගෙන් දර්ශන ලැබෙන්නේද නැත.+ මීකා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද සමාරියට ඇති වූ තුවාලය සුව කළ නොහැකි තරම් දරුණුය.+ ඒ තුවාලය යූදා දේශය දක්වාම ඔඩු දුවන්නේය.+ මගේ සෙනඟ වාසය කරන යෙරුසලමේ දොරටුව දක්වාද එය පැතිර යන්නේය.+
14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති.
11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+
4 උත්සවයට කිසිවෙකු නොපැමිණෙන බැවින් සියොන්හි වීථි හඬා වැලපෙන්නේය.+ඇගේ දොරටු අසල කිසිවෙක් නැත.+ ඇගේ පූජකයෝ සුසුම්ලති.+ඇගේ තරුණියෝ හඬා වැලපෙති. ඇයද ශෝකයෙන් වෙළී සිටින්නීය.+
9 ඇගේ දොරටු+ පොළොවටම සමතලා කළේය. දොරගුල් සුනුවිසුනු කළේය.ඇගේ රජද පාලකයෝද වෙනත් ජාතීන් අතරේ අසරණව සිටිති.+ දේශයෙහි දැන් නීතියක් නැත.+ඇගේ අනාගතවක්තෘවරුන්ට යෙහෝවා දෙවිගෙන් දර්ශන ලැබෙන්නේද නැත.+
9 මන්ද සමාරියට ඇති වූ තුවාලය සුව කළ නොහැකි තරම් දරුණුය.+ ඒ තුවාලය යූදා දේශය දක්වාම ඔඩු දුවන්නේය.+ මගේ සෙනඟ වාසය කරන යෙරුසලමේ දොරටුව දක්වාද එය පැතිර යන්නේය.+