යෙසායා 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබේ පාලකයෝ මුරණ්ඩුය. ඔවුන් මිතුරුකම් පවත්වන්නේ සොරුන් සමඟය.+ ඔවුහු අල්ලසට ආශා කරති.+ තෑග්ගක්+ ලබාගැනීමට බොහෝ සෙයින් වෙහෙසෙති. පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් නොදෙන ඔවුහු වැන්දඹුවගේ පැමිණිල්ලවත් ගණනකට ගන්නේ නැත.+ යෙරෙමියා 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 කුරුලු කූඩුවක් කුරුල්ලන්ගෙන් පිරී තිබෙන්නාක් මෙන් වංචාවෙන් ඔවුන්ගේ නිවෙස් පිරී ඇත.+ ධනයෙනුත් බලයෙනුත් කිසිම අඩුවක් ඔවුන්ට නැත්තේ ඒ නිසාය.+ ආමොස් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “සමාරියේ කන්ද+ උඩට වී සිටින බාෂාන් දේශයේ එළදෙනුනි,+ මේ පණිවිඩයට සවන් දෙන්න. ‘අපට බොන්න ගෙනැවිත් දෙන්න’ කියා ඔබේ ස්වාමිපුරුෂයන්ට පෙරැත්ත කරන ඔබ නැති බැරි අයට වංචා කරන්නහුය.+ දුප්පතුන්ට පීඩා කරන්නහුය. මීකා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+ මීකා 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටකමින් උපයාගත් වස්තු තවමත් දුෂ්ටයාගේ නිවස තුළ තිබේද?+ ඔහු තවමත් භාවිත කරන්නේ දෙවි පිළිකුල් කරන හොර ඒපා මිනුම්ද?*
23 ඔබේ පාලකයෝ මුරණ්ඩුය. ඔවුන් මිතුරුකම් පවත්වන්නේ සොරුන් සමඟය.+ ඔවුහු අල්ලසට ආශා කරති.+ තෑග්ගක්+ ලබාගැනීමට බොහෝ සෙයින් වෙහෙසෙති. පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් නොදෙන ඔවුහු වැන්දඹුවගේ පැමිණිල්ලවත් ගණනකට ගන්නේ නැත.+
27 කුරුලු කූඩුවක් කුරුල්ලන්ගෙන් පිරී තිබෙන්නාක් මෙන් වංචාවෙන් ඔවුන්ගේ නිවෙස් පිරී ඇත.+ ධනයෙනුත් බලයෙනුත් කිසිම අඩුවක් ඔවුන්ට නැත්තේ ඒ නිසාය.+
4 “සමාරියේ කන්ද+ උඩට වී සිටින බාෂාන් දේශයේ එළදෙනුනි,+ මේ පණිවිඩයට සවන් දෙන්න. ‘අපට බොන්න ගෙනැවිත් දෙන්න’ කියා ඔබේ ස්වාමිපුරුෂයන්ට පෙරැත්ත කරන ඔබ නැති බැරි අයට වංචා කරන්නහුය.+ දුප්පතුන්ට පීඩා කරන්නහුය.
2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+
10 දුෂ්ටකමින් උපයාගත් වස්තු තවමත් දුෂ්ටයාගේ නිවස තුළ තිබේද?+ ඔහු තවමත් භාවිත කරන්නේ දෙවි පිළිකුල් කරන හොර ඒපා මිනුම්ද?*