2 රාජාවලිය 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ. යෙසායා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යෙහෝවා දෙවි වන මම සියොන් කන්දටත් යෙරුසලමටත් නියම කළ දේ ඉටු කළ පසු, ඇසිරියාවේ රජුගේ අහංකාරකමටත් ඔහු උද්ධච්චකමින් කළ සියලු දේවලටත් නිසි දඬුවම් දෙන්නෙමි.+ යෙසායා 30:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවිගේ හඬ ඇසෙන විට ඇසිරියානු ජාතිකයෝ බියෙන් තැතිගනිති.+ ඔහු ඔවුන්ට යෂ්ටියකින් පහර දෙන්නේය.+ නාහුම් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරී ගොස් ඇත. ඔවුන්ව නැවත එක් රැස් කරගන්න කිසිවෙක් නැත.+ ඔබේ එඬේරු නිදිකිරා වැටෙති.+ ඔබේ වික්‍රමාන්විතයෝ ඔවුන්ගේ නිවෙස්වලට වැද විවේක සුවයෙන් පසු වෙති.+ ශෙපනියා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “දෙවි උතුරු දෙසින් පිහිටි ඇසිරියාවට විරුද්ධවද විනාශයක් ගෙනෙන්නේය.+ ඔහු නිනිවය නගරය විනාශ කර+ දිය පොදක් නැති පාළුකරයක් බවට පත් කරන්නේය.
24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.
12 “යෙහෝවා දෙවි වන මම සියොන් කන්දටත් යෙරුසලමටත් නියම කළ දේ ඉටු කළ පසු, ඇසිරියාවේ රජුගේ අහංකාරකමටත් ඔහු උද්ධච්චකමින් කළ සියලු දේවලටත් නිසි දඬුවම් දෙන්නෙමි.+
31 යෙහෝවා දෙවිගේ හඬ ඇසෙන විට ඇසිරියානු ජාතිකයෝ බියෙන් තැතිගනිති.+ ඔහු ඔවුන්ට යෂ්ටියකින් පහර දෙන්නේය.+
18 “ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරී ගොස් ඇත. ඔවුන්ව නැවත එක් රැස් කරගන්න කිසිවෙක් නැත.+ ඔබේ එඬේරු නිදිකිරා වැටෙති.+ ඔබේ වික්‍රමාන්විතයෝ ඔවුන්ගේ නිවෙස්වලට වැද විවේක සුවයෙන් පසු වෙති.+
13 “දෙවි උතුරු දෙසින් පිහිටි ඇසිරියාවට විරුද්ධවද විනාශයක් ගෙනෙන්නේය.+ ඔහු නිනිවය නගරය විනාශ කර+ දිය පොදක් නැති පාළුකරයක් බවට පත් කරන්නේය.