උත්පත්ති 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඇය, “මා දෙස බලා සිටින තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා” යයි සිතමින් තමා සමඟ කතා කළ යෙහෝවා දෙවිට මෙසේ කීවාය. “ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්.”*+ ගීතාවලිය 90:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ අපේ වැරදි ඔබ ඉදිරියේම තබාගත්තෙහිය.+අප රහසින් කළ දේ* මතට ඔබේ මුහුණේ දීප්තිය වැටීමට ඔබ සැලැස්වුවෙහිය.+ ගීතාවලිය 139:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+ හිතෝපදේශ 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+ ආමොස් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
13 එවිට ඇය, “මා දෙස බලා සිටින තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා” යයි සිතමින් තමා සමඟ කතා කළ යෙහෝවා දෙවිට මෙසේ කීවාය. “ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්.”*+
8 ඔබ අපේ වැරදි ඔබ ඉදිරියේම තබාගත්තෙහිය.+අප රහසින් කළ දේ* මතට ඔබේ මුහුණේ දීප්තිය වැටීමට ඔබ සැලැස්වුවෙහිය.+
7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+
2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+