ද්විතීය කතාව 32:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+ යෙසායා 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක් මෙන්+ තව අවුරුදු තුනකින් මෝවබ්වරුන්ගේ කීර්තිය+ පහ වී යෑමට නියමිතයි. ඔවුන්ව නින්දාවට පත් කරන අතර දේශයේ මහත් කෝලහලයක් ඇති වෙයි. ඔවුන්ගෙන් ඉතුරු වන්නේ ඉතා දුර්වල වූ අතළොස්සක් පමණි.”+ එසකියෙල් 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එමනිසා ඔවුන්ට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘මා කියන මේ දේවල් ඉටු කරන්න මම තවත් ප්රමාද නොවන්නෙමි.+ මා යමක් පැවසුවොත් එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”’”+ එසකියෙල් 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝවබ් දේශයට විරුද්ධව මා ගත් තීන්දුව මම ඉටු කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.’+
35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+
14 යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක් මෙන්+ තව අවුරුදු තුනකින් මෝවබ්වරුන්ගේ කීර්තිය+ පහ වී යෑමට නියමිතයි. ඔවුන්ව නින්දාවට පත් කරන අතර දේශයේ මහත් කෝලහලයක් ඇති වෙයි. ඔවුන්ගෙන් ඉතුරු වන්නේ ඉතා දුර්වල වූ අතළොස්සක් පමණි.”+
28 එමනිසා ඔවුන්ට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘මා කියන මේ දේවල් ඉටු කරන්න මම තවත් ප්රමාද නොවන්නෙමි.+ මා යමක් පැවසුවොත් එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”’”+
11 මෝවබ් දේශයට විරුද්ධව මා ගත් තීන්දුව මම ඉටු කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.’+