ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ ද්විතීය කතාව 28:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ නෙහෙමියා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “දෙවියනි, මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ පැවසූ වචන සිහි කරන්න+ කියායි. ඔබ ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මට ද්‍රෝහි වී කටයුතු කළොත් මම ඔබව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+ ගීතාවලිය 106:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය. සෙකරියා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘මම සුළිසුළඟක් යවා ඔවුන් නොදන්නා දේශවලට+ ඔවුන්ව විසුරුවාහැරියෙමි.+ ඔවුන් අත්හැර ගිය දේශයට කිසිවෙක් ආපසු හැරී ආවේ නැත. කිසිවෙක් ඒ මැදින් ගමන් කළේද නැත.+ අලංකාරව තිබුණු ඒ දේශය+ පාළු වී ගියේය. එයට සිදු වූ දේ දුටු සියලුදෙනාම පුදුමයට පත් වූහ.’”
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
8 “දෙවියනි, මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ පැවසූ වචන සිහි කරන්න+ කියායි. ඔබ ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මට ද්‍රෝහි වී කටයුතු කළොත් මම ඔබව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+
27 ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය.
14 ‘මම සුළිසුළඟක් යවා ඔවුන් නොදන්නා දේශවලට+ ඔවුන්ව විසුරුවාහැරියෙමි.+ ඔවුන් අත්හැර ගිය දේශයට කිසිවෙක් ආපසු හැරී ආවේ නැත. කිසිවෙක් ඒ මැදින් ගමන් කළේද නැත.+ අලංකාරව තිබුණු ඒ දේශය+ පාළු වී ගියේය. එයට සිදු වූ දේ දුටු සියලුදෙනාම පුදුමයට පත් වූහ.’”