ගීතාවලිය
2 යෙහෝවා දෙවි කර තිබෙන බලවත් ක්‍රියා මොන තරම්ද! ඒ සියල්ල එකින් එක පවසා නිම කිරීමට කිසිවෙකුට නොහැකිය.+
ඔහුට කොතරම් ප්‍රශංසා කළත් ඒවා ඔහු ලැබිය යුතු ප්රශංසාවන්ට සම කළ නොහැක.+
4 යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට මෙන් මටත් ඔබේ කරුණාව පෙන්වන්න.+
මට ගැලවීම සලසා දී මාව රැකබලා ගන්න.+
5 එවිට ඔබ තෝරාගත් සෙනඟ+ වෙනුවෙන් ඔබ කරන යහපත් දේ දැක බලා ගැනීමටත්
ඒවා දැක ඔබේ සෙනඟ සමඟ සතුටු වීමටත්+
ඔබ ගැන ඔබේ සෙනඟ සමඟ ආඩම්බරෙන් කතා කිරීමටත් මට හැකි වන්නේය.+
7 ඊජිප්තුවේ සිටි අපේ මුතුන්මිත්තෝ ඔබ සිදු කළ පුදුම ක්‍රියා ගැන
තේරුම් නොගත්තෝය.+
ඔවුහු ඔබ පෙන්වූ ඉමහත් ප්‍රේමය* අමතක කළෝය.+
රතු මුහුද අසලදී ඔවුහු ඔබට විරුද්ධව කැරලිගැසුවෝය.+
8 නමුත් ඔබ ඔබේ නාමය වෙනුවෙන් ඔවුන්ව ගලවාගත්තෙහිය.+
ඔබ සතු බලය කොතරම්ද කියා පෙන්වීමට ඔවුන්ව මුදවාගත්තෙහිය.+
9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+
කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+
10 මෙසේ දෙවි, ඔවුන්ට වෛර කළ තැනැත්තාගේ අතින් ඔවුන්ව බේරාගත්තේය.+
සතුරාගෙන් ඔවුන්ව නිදහස් කරගත්තේය.+
13 නමුත් වැඩි කල් නොගොස් ඔහු කළ සෑම දෙයක්ම ඔවුන්ගේ මතකයෙන් ගිලිහී ගියේය.+
ඔහුගෙන් උපදෙස් ලැබෙන තෙක් ඔවුහු බලා සිටියේ නැත.+
14 පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+
දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+
16 තමන් සමඟ වාසය කළ මෝසෙස් කෙරෙහිද
යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්+ කෙරෙහිද ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+
19 ඔවුහු හොරෙබ්හිදී වස්සෙකුගේ රූපයක් සාදාගත්තෝය.+
ඒ රූපය ඉදිරියේ ඔවුහු වැඳ වැටුණෝය.+
20 මෙසේ ඔවුහු දෙවිගේ තේජසට වඩා+
තණ බුදින වස්සෙකුගේ රූපයකට ප්‍රිය කළෝය.+
21 තමන්ව ගලවාගත් දෙවිව ඔවුහු අමතක කළෝය.+
ඊජිප්තුවේදී ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කළ,+
22 හාම් දේශයේදී පුදුමාකාර දේවල් කළ,+
රතු මුහුදේදී බිය උපදවන දේවල්+ කළ දෙවිව ඔවුහු අමතක කර දැමුවෝය.
23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+
නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.
දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්
ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+
24 ඔවුහු ඒ සරුසාරවත් දේශය අගය කළේ නැත.+
දෙවි දුන් පොරොන්දුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැත.+
26 එබැවින් ඔවුන්ව පාළුකරයේදීම විනාශ කරන බවට+
ඔහු තම හස්තය ඔසවමින් දිවුරා පොරොන්දු වුණේය.+
27 ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+
ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය.
29 ඔවුන්ගේ දුෂ්ට හැසිරීම නිසා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණේය.+
එබැවින් ඔවුන් අතරේ වසංගතයක් පැතිර ගියේය.+
31 ඔහු කළ ඒ ක්‍රියාව නිසා ඔහු සදහටම ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගනු ලබන්නේය.
එසේය, පරම්පරාවක් පරම්පරාවක් පාසා පිනෙහාස් කළ ඒ ක්‍රියාව සිහි කරනු ලබන්නේය.+
32 මෙරිබාහි දිය පහර අසලදී ඔවුහු මෝසෙස්ව කුපිත කළෝය.+
ඔවුන් නිසා මෝසෙස්ට අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු විය.+
38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්ව
පූජා ලෙස ඔප්පු කරමින්+
ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+
එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+
39 එවැනි ක්‍රියාවන් නිසා ඔවුහු තමන්වම අපවිත්‍ර කරගත්තෝය.+
පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින් ඔවුහු දෙවිට ද්‍රෝහි වුණෝය.+
41 ඔවුන්ගේ සතුරන් වූ අවට ජාතීන්ගේ අතට+
දෙවි ඔවුන්ව කිහිප වතාවක්ම හසු කර දුන්නේය.+
42 ඔවුන්ව යටත් කරගෙන
ඔවුන්ට පීඩා කිරීමට දෙවි ඔවුන්ගේ සතුරන්ට ඉඩහැරියේය.+
43 බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+
ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+
ඔවුන් එසේ ක්‍රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+
45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+
ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+