යෝබ් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මාව මංමුළා කළේය.ඔහු මට දැලක් දමා මාව කොටු කරගත්තේය.+ ගීතාවලිය 66:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ අපව උගුලකට හසු කළෙහිය.+බොහෝ කරදර අප පිට පැටෙව්වෙහිය. එසකියෙල් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ඔහුව හසු කරගැනීමට ඔහු පිට දැලක් එළන්නෙමි. ඔහු එම දැලට හසු වනු ඇත.+ මම ඔහුව කල්දිවරුන්ගේ දේශය වන බැබිලෝනියට ගෙන යන්නෙමි.+ නමුත් ඔහුට කිසිවක් නොපෙනේ. ඔහු එහිදී මිය යනු ඇත.+ එසකියෙල් 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් ඔහුව හසු කරගැනීමට මම දැලක් හෙළන්නෙමි. ඔහුද ඒ දැලට අනිවාර්යයෙන්ම හසු වන්නේය.+ ඔහුව බැබිලෝනියට ගෙනැවිත් ඔහු මට විරුද්ධව කළ සෑම ද්‍රෝහිකමක් සඳහාම ඔහුට විරුද්ධව මාගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි.+ හොෂෙයා 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ඔවුන් කොතැනට ගියත් මා හෙළන දැලෙන් ඔවුන්ට ගැලවී යා නොහැක.+ ආකාශයේ පක්ෂීන්ව අල්ලාගන්නාක් මෙන් මම ඔවුන්ව අල්ලාගෙන බිමට හෙළමි.+ ඔවුන්ට අනතුරු ඇඟවූ ලෙසම මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+
13 මම ඔහුව හසු කරගැනීමට ඔහු පිට දැලක් එළන්නෙමි. ඔහු එම දැලට හසු වනු ඇත.+ මම ඔහුව කල්දිවරුන්ගේ දේශය වන බැබිලෝනියට ගෙන යන්නෙමි.+ නමුත් ඔහුට කිසිවක් නොපෙනේ. ඔහු එහිදී මිය යනු ඇත.+
20 එහෙයින් ඔහුව හසු කරගැනීමට මම දැලක් හෙළන්නෙමි. ඔහුද ඒ දැලට අනිවාර්යයෙන්ම හසු වන්නේය.+ ඔහුව බැබිලෝනියට ගෙනැවිත් ඔහු මට විරුද්ධව කළ සෑම ද්‍රෝහිකමක් සඳහාම ඔහුට විරුද්ධව මාගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි.+
12 “‘ඔවුන් කොතැනට ගියත් මා හෙළන දැලෙන් ඔවුන්ට ගැලවී යා නොහැක.+ ආකාශයේ පක්ෂීන්ව අල්ලාගන්නාක් මෙන් මම ඔවුන්ව අල්ලාගෙන බිමට හෙළමි.+ ඔවුන්ට අනතුරු ඇඟවූ ලෙසම මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+