2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+