2 රාජාවලිය 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය. යෙරෙමියා 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+ මීකා 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඔවුන්ගේ මස් කා දමන්නහුය.+ විශාල හැළියක පිසීමට සූදානම් කරන සතෙකු මෙන් ඔබ ඔවුන්ගේ හම ඉරා, මස් කෑලි කෑලිවලට කපා ඇටකටු කඩා පොඩි කර දමන්නහුය.+ සෙකරියා 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මන්ද ඔවුන්ගේ එඬේරු ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නේ නැත.+ ඔවුන්ව විකුණන අය,+ “අපව පොහොසත් කළ යෙහෝවා දෙවිට ප්රශංසා වේවා” කියා පවසති.+ ඔවුන්ව මිල දී ගන්නා අය ඔවුන්ව මරා දැමුවත්+ දඬුවම් විඳින්නේ නැත.’+
16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය.
17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+
3 ඔබ ඔවුන්ගේ මස් කා දමන්නහුය.+ විශාල හැළියක පිසීමට සූදානම් කරන සතෙකු මෙන් ඔබ ඔවුන්ගේ හම ඉරා, මස් කෑලි කෑලිවලට කපා ඇටකටු කඩා පොඩි කර දමන්නහුය.+
5 මන්ද ඔවුන්ගේ එඬේරු ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නේ නැත.+ ඔවුන්ව විකුණන අය,+ “අපව පොහොසත් කළ යෙහෝවා දෙවිට ප්රශංසා වේවා” කියා පවසති.+ ඔවුන්ව මිල දී ගන්නා අය ඔවුන්ව මරා දැමුවත්+ දඬුවම් විඳින්නේ නැත.’+