යෙසායා 49:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිරකරුවන්ට,+ ‘පිටතට එන්න’+ කියාද අන්ධකාරයේ සිටින අයට,+ ‘තවත් අඳුරේ නොසිටින්න’+ කියාද ඔබ පවසනු ඇත. මඟ දෙපස තිබෙන තණබිම්වලින් ඔවුහු කන්නෝය. වියළි පාරවල් අසලද ඔවුන්ට කෑම සම්බ වෙයි.+ එසකියෙල් 34:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම උන් වෙනුවෙන් එක එඬේරෙකුව පත් කරන්නෙමි.+ මාගේ සේවක දාවිත්*+ උන්ගේ එඬේරා වන්නේය.+ ඔහු උන්ව පෝෂණය කර රැකබලා ගනු ඇත. මීකා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවියනි, වනාන්තරයක පිහිටි පලතුරු උයනක් මැද+ තනිව වාසය කරන බැටළු රැළක් මෙන් වූ ඔබේ සෙනඟව රැකබලා ගන්න. ඔවුන්ට ඔබේ සැරයටියෙන් මඟ පෙන්වන්න.+ අතීතයේදී මෙන්+ බාෂාන් දේශයේදී හා ගිලියද් දේශයේදී ඔවුන්ව පෝෂණය කරන්න.+ යොහන් 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උතුම් එඬේරා මමයි.+ මම මගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙනවා.+
9 සිරකරුවන්ට,+ ‘පිටතට එන්න’+ කියාද අන්ධකාරයේ සිටින අයට,+ ‘තවත් අඳුරේ නොසිටින්න’+ කියාද ඔබ පවසනු ඇත. මඟ දෙපස තිබෙන තණබිම්වලින් ඔවුහු කන්නෝය. වියළි පාරවල් අසලද ඔවුන්ට කෑම සම්බ වෙයි.+
23 මම උන් වෙනුවෙන් එක එඬේරෙකුව පත් කරන්නෙමි.+ මාගේ සේවක දාවිත්*+ උන්ගේ එඬේරා වන්නේය.+ ඔහු උන්ව පෝෂණය කර රැකබලා ගනු ඇත.
14 දෙවියනි, වනාන්තරයක පිහිටි පලතුරු උයනක් මැද+ තනිව වාසය කරන බැටළු රැළක් මෙන් වූ ඔබේ සෙනඟව රැකබලා ගන්න. ඔවුන්ට ඔබේ සැරයටියෙන් මඟ පෙන්වන්න.+ අතීතයේදී මෙන්+ බාෂාන් දේශයේදී හා ගිලියද් දේශයේදී ඔවුන්ව පෝෂණය කරන්න.+